Citizen.lk
OPPO
 

විමල් හිරේ ඉඳන් පෝයට සිල් අරන්

විමල් හිරේ ඉඳන් පෝයට සිල් අරන් | wimal-in-sil-duruthu-poya
Thu 12 January 2017 4:05 pm
347 views

වාහන අවභාවිතා කිරීමේ වරදකට හසුව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අද දුරුතු පොහොය දින බන්ධනාගාරය තුළ සිල් සමාදන්වූ බව වාර්තාවේ.


සෑම පොහෝ දිනකම බන්ධනාගාරයේ ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා සිල්ගන්නට කැමති අයගේ අත්සන ගනිමින් ඊයේ පත්‍රිකාවක් ගෙනයද්දී විමල් එය රැගෙන ආ අයට අඩගසා කියා ඇත්තේ මාවත් දාන්න ලෙසිනි. රැඳවූවන් 85 දෙනෙකු එහි සිටි අතර වැඩි පිරිස වයස්ගත අය බවද පැවසිණි.

ඒ අනුව අද උදෑසන උතුරු සළුවක් පැළඳ ගත් විමල් සිල් සමාදන්වූ වයෝවෘද්ධ පිරිස සමග පෝලිමේ ගොස් බන්ධනාගාර ආගමික මධ්‍යස්ථානය තුළට ඇතුළුවූ බවත් උදේ ධර්මදේශනාව ශ්‍රවණය කර පසුව ශාන්ත දාන්තව ඇවිද යන ආකාරය නිරීක්ෂණය වූ බවත් බන්ධනාගාර ආරංචි හෙළි කළා.


මේ අතර එම ප්‍රකාශකයා පැවසුවේ ඊළඟට පැවති ධර්ම දේශනාවේ තේමාව වූයේ ‘නාස්තියේ ආනිසංස‘ යන්න බවයි. විමල් එය අැසීමටද සහභාගී වී තිබේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Picating Against SAITM In Matale  | සයිටම් එපා කියමින් මාතලේ වෛද්‍යවරු පාරට බසිති
Yamaha
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News