Citizen.lk
 
 

ගෙවීම් තාක්ෂණයේ නව්‍යකරණයෝ LankaPay Technnovation Awards 2017 හිදී සම්මානයෙන් පිදුම් ලබති

ගෙවීම් තාක්ෂණයේ නව්‍යකරණයෝ LankaPay Technnovation Awards 2017 හිදී සම්මානයෙන් පිදුම් ලබති | Innovators in payment technology hailed at LankaPay Technnovation Awards 2017
Wed 28 June 2017 1:13 pm
1,099 views

රටෙහි මූල්‍ය මැදිහත්වීම් වැඩිදියුණු කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පාවිච්චි කිරීම අගය කිරීමේ අරමුණු පෙරදැරිව ලංකාවේ ප්‍රථම සහ එකම ගෙවීම් තාක්ෂණික නව්‍යකරණ සම්මාන උළෙල වන LankaPay Technnovation Awards 2017 එහි කූටප්‍රාප්තිය වෙත පසුගියදා එළැඹීය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ගෞරවනීය ප්‍රධානත්වයෙන් සහ අනුග්‍රහයෙන් 2017 ජූනි මස 20 දින කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී සම්මාන උළෙල උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කොජි යාගී මහතා ආරාධිත අමුත්තා ලෙසින් පැමිණි සිටි අතර, 250කට අධික සම්භාවනීය අමුත්තන්ගෙන් සම්මාන උළෙල පිරී පැවතිණි. සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරී ප්‍රධාන ෆින්ටෙක් නිලධාරී කීර්තිමත් සප්නෙන්දු මොහොන්ටි මහතාගේ ‘Smart Financial Sector’ මැයෙන් පැවැත්වූ අර්ථාන්විත දේශනය උත්සවය තවදුරටත් ආලෝකමත් කළේය.

බැංකු අතර සමස්ථ ගෙවීම් ක්‍රියාවලියේ හොඳම ක්‍රියාකරු ලෙසින් සම්මාන උළෙලේ උත්කෘෂ්ටතම සම්මානය වූ රන් සම්මානය ලංකා බැංකුව විසින් දිනා ගත් අතර, එහි රිදී සම්මානය සෙලාන් බැංකුව විසින් හිමිකරගන්නා ලදී. ඒ අතර යූනියන් බැංකුව මෙහි කුසලතා සම්මානය අත්පත් කරගත්තේය.

අංශ 8ක් යටතේ සම්මාන 21ක් පිරිනැමුණු අතර, රන් සම්මාන වලින් පිදුම් ලැබූවේ;

වසරේ හොඳම ATM ජාල හිමිකරු
කාණ්ඩය A: හැටන් නැෂනල් බැංකුව
කාණ්ඩය B: යූනියන් බැංකුව;
කාණ්ඩය C: පෑන් ඒෂියා බැංකුව

මූල්‍ය මැදිහත්වීම් සඳහා වූ වසරේ හොඳම බැංකුව
කාණ්ඩය A: ලංකා බැංකුව
කාණ්ඩය B: සෙලාන් බැංකුව
කාණ්ඩය C: යූනියන් බැංකුව

ගනුදෙනුකරුවරුන්ගේ පහසුව සැලසූ වසරේ හොඳම බැංකුව
කාණ්ඩය A: ලංකා බැංකුව;
කාණ්ඩය B: සෙලාන් බැංකුව
කාණ්ඩය C: යූනියන් බැංකුව

බැංකු අතර ගෙවීම් ක්‍රියාවලියේ කාර්යක්ෂමම බැංකුව - සෙලාන් බැංකුව

ගනුදෙනුකරුවරුන්ගේ පහසුව සැලසූ වසරේ හොඳම මූල්‍ය ආයතනය - LOLC මූල්‍ය ආයතනය
වසරේ හොඳම නව්‍යකරණ බැංකුව - සම්පත් බැංකුව
වසරේ ජනප්‍රියතම ඉලෙක්ට්‍රොනික ගෙවීම් නිපැයුම - LOLC මූල්‍ය ආයතනය (Product: LOLC Realtime)
වසරේ හොඳම ජංගම දුරකථන ගෙවීම් යාන්ත්‍රණය - LOLC මූල්‍ය ආයතනය (Product: LOLC Realtime)

අචල විශ්වාසයෙන් යුතුව නව්‍යකරණ තාක්ෂණය ව්‍යාප්ත කරන්නට ඩිජිටල් ගනුදෙනු යොදාගනිමින් මෙම කර්තව්‍ය වැඩිදියුණු කිරීමට උරදුන් සාමාජික බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනය විශිෂ්ටත්වයට පත්කිරීමට ගත් උත්සාහයකි LankaPay Technnovation 2017 සම්මාන උළෙල ලාංකීය ජාතික ගෙවීම් ජාලය තත්වයෙන් උසස් කරමින් මූල්‍යමය ගනුදෙනුවල පිරිවැය අඩු කිරීමේ අරමුණු පෙරදැරිව 2016 අප්‍රේල් 1 දින සිට 2017 මාර්තු 31 දින දක්වා වූ මූල්‍ය වර්ෂයට අදාල බැංකු අතර සිදු කළා වූ ගෙවීම් මෙහි දී සලකා බැලිණි.

අවසන් ජයග්‍රාහකයන් තෝරාගැනීමේ ක්‍රියා පටිපාටිය බරපතල සහ පුළුල් ඇගැයීමේ ක්‍රියාවලියක් විය. මූලික වටයේදී තරග ආරම්භයේ දැණුම් දී තිබූ නිර්ණායක යටතේ එක් එක් බැංකුවල සහ බැංකු නොවන මූල්‍ය ආතනයන්හි කාර්ය සාධනයන් සලකා බලන ලදී.

යොදාගන්නා ලද දත්ත හා තොරතුරු වල වලංගු භාවය සහ දෙවන වටය සඳහා සූදසුකම් සැපිරීම E&Y මගින් සිදුකරණ ලද ස්වාධීන විගණන ක්‍රමයකට අනුකූලව සිදුකෙරිණි. දෙවන වටය ඇගැයීමේ දී තෝරාගන්නා ලද තරග කරුවන් තමන්ට අදාල අංශය සඳහා ඉදිරිපත් කිරීමක් ගෞරවනීය තීරක මුඩුල්ල ඉදිරියේදී සිදුකළ අතර ඔවුහු අවසන් ජයග්‍රාහකයන් තහවුරු කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ සහයෝගයෙන් මෙම සම්මාන උළෙල ඇරඹීමට කටයුතු යෙදුණු අතර,
තීරක මුඩුල්ලෙහි මූලිකත්වය හෙබවූයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයෙහි ලේකම් වශයෙන් කටයුතු කරන වසන්ත දේශප්‍රිය මහතායි.

මීට අමතරව ගෞරවනීය තීරක මඩුල්ලෙහි සෙසු සාමාජියකයන් ලෙස සභාපති - මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරීන්ගේ ආයතනයේ හිටපු සභාපති අසිත ඩී. බී. තල්වත්ත මහතා, ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයේ වර්තමාන සභාපති සහ B R De Silva හි හවුල්කරු ලසන්ත වික්‍රමසිංහ මහතා, කොළඹ කොටස් වෙළඳපොලෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, රක්ෂණ ප්‍රධානී/ජ්‍යෙෂ්ඨ හවුල්කරු, වෘත්තීය පුහුණු අධ්‍යක්ෂ, Ernst & Young හි බැංකු සහ මූල්‍ය සේවා පුහුණු නිලධාරී සහ ශ්‍රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයේ මණ්ඩල සභික මනිල් ජයසිංහ මහතා සහ Kapruka.com හි නිර්මාතෘ සහ සභාපති දුලිත් හේරත් යන මහත්වරුද කටයුතු කළහ‍.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x