Citizen.lk
 
 
OPPO

ඇමරිකානු වාණිජ මණ්ඩලය අනුකරණ නිසා විදේශ සෘජු ආයෝජනවලට ඇතිවන බලපෑම පිළිබඳව සම්මන්ත්‍රණයක් සංවිධානය කරයි

ඇමරිකානු වාණිජ මණ්ඩලය අනුකරණ නිසා විදේශ සෘජු ආයෝජනවලට ඇතිවන බලපෑම පිළිබඳව සම්මන්ත්‍රණයක් සංවිධානය කරයි | American Chamber of Commerce - IPR Luncheon on 22 June
Wed 28 June 2017 1:23 pm
235 views

විදේශ සෘජු ආයෝජනවලට අනුකරණ නිසා ඇතිවන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 'Combating Counterfeits යන තේමාව යටතේ විශේෂ සම්මන්ත‍්‍රණයක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය පසුගියදා කටයුතු කළේ ය. මෙම ව්‍යාජ නිෂ්පාදන නිසා පැනනගින අවදානමට එරෙහිව ක්‍රියා කිරීම සඳහා නීති සම්පාදකයන්, ව්‍යවසායකයන් සහ ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් අතර අවබෝධය සහ සහයෝගීත්වය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙය සංවිධානය කරන ලදි.

උත්සවයේ ප‍්‍රධාන දේශනය පැවැත්වූ ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා විදේශ සෘජු ආයෝජන හා අනුකරණ අතර සම්බන්ධය පැහැදිලි කළේ ය. ඉන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශේෂඥයන්ගේ සහභාගීත්වය සහිතව විශේෂ සංවාදයක් පැවැත්වුණු අතර මෙම සංවාදයට රේගු තක්සේරු අංශයේ අධ්‍යක්ෂ සහ ශ‍්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සඳහා නීති උපදේශක එම්. ආර්. රාජ්මෝහන්,Julius & Creasy නීති සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු හා NIPO අනුබද්ධ බුද්ධිමය දේපළ උපදේශන කොමිසමේ හිටපු සාමාජික ජේ. එම්. ස්වාමිනාදන්, ලංකා දුම්කොළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ බුද්ධිමය දේපළ හිමිකම් කමිටුවේ සාමාජික මයිකල් කෝස්ට්, සහ MAS Holdings (පුද්) සමාගමේ සමූහ අධ්‍යක්ෂ (නීති) රජිතා ජයසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. Nithya Partners නීති සමාගමේ ජ්‍යෙෂ්ඨ හවුල්කරු සහ බුද්ධිමය දේපළ උපදේශන කොමිසමේ හිටපු සාමාජික චානක ද සිල්වා මහතා විසින් සංවාදය මෙහෙයවන ලදි.

අනාගත විදේශ ආයෝජකයන්ට ව්‍යාජ අනුකරණ නිසා ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සංවාදයක් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන ඔස්සේ ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයට හැකියාව ලැබිණි. දිවයිනේ ආර්ථිකයේ සියලූ අංග ආවරණය කරමින් සහ රටට බෙහෙවින් අවශ්‍ය වී ඇති විදේශ සෘජු ආයෝජන දිරිමත් කරමින් පරිපූර්ණ බුද්ධිමය දේපළ හිමිකම් පද්ධතියක් නිර්මාණය කරගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් රජයේ විවිධ අංශවලින් ලැබුණු දායකත්වය මෙම වැඩසටහන සහභාගී වූවන්ගේ ඇගයීමට ලක්වූ අතර බුද්ධිමය දේපළ සුරැකීම සඳහා එම අංශවලට ඉටුකළ හැකි කාර්යභාරයද අවධාරණය කරන ලදි.
ශ‍්‍රී ලංකාව තුළ දැනටමත් පරිපූර්ණ නීති පද්ධතියක් ක‍්‍රියාත්මක වන බව පෙන්වා දුන් නීතීඥ උපුල් ජයසූරිය මහතා මෙම නීති ක‍්‍රියාවට නැංවීම වැඩිදියුණු කිරීමට හැකි ක‍්‍රම අවධාරණය කළේ ය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව තුළ බුද්ධිමය දේපළ නීති ක‍්‍රියාවට නැංවීමේදී අධිකරණ පද්ධතිය සතු කාර්යභාරය ඔහු විසින් පෙන්වා දෙන ලදි.

ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු පහසු කිරීම සඳහා ශක්තිමත් හා සාර්ථක බුද්ධිමය දේපළ හිමිකම් රාමුවක් පැවතීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ මහතා ඒ ඔස්සේ ශ‍්‍රී ලංකාවට වැඩි කීර්තිනාමයක් අත්පත් කරගත හැකි බවත්, එමගින් රටට වැඩි සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණයක් ආකර්ෂණය වනු ඇති බවත් පැවසී ය.

එම්. ආර්. රාජ්මෝහන් මහතා පෙන්වා දුන්නේ ව්‍යාජ අනුකරණ හඳුනාගෙන, ඒවා අත්අඩංගුවට ගෙන විනාශ කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් දැනට ක‍්‍රියාත්මක වන බවයි. තමන් සතු බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් දැනුවත් කරන ලෙසත්, එවිට පහසුවෙන් ව්‍යාජ අනුකරණ හඳුනාගත හැකි බවත් ඒ මහතා සම්මන්ත‍්‍රණයට සහභාගී වී සිටි සමාගම් හා ආයතන වෙතින් ඉල්ලා සිටියේ ය. එමෙන්ම මෙම අනුකරණ තර්ජනය අවම කරගැනීම සඳහා රජය දරන උත්සාහයට සක‍්‍රීයව දායක වන ලෙස ඒ මහතා පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කළේ ය.

තම බුද්ධිමය දේපළ ආරක්ෂා කරගැනීමේ උත්සාහයේදී MAS Holdings වැනි සමාගම් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් රජිතා ජයසූරිය මහත්මිය විසින් කරුණු පැහැදිලි කරන ලදි. ලියාපදිංචිය සඳහා ගතවන කාලය එම සමාගම්වලට විශාල ගැටලූවක් වී ඇති අතර ශ‍්‍රී ලංකාව තුළ පේටන්ට් බලපත‍්‍ර හිමිකම් සඳහා ඉල්ලූම් කරන විදේශීය සමාගම්වලටද මෙය විශාල බාධාවක් වී පවතී.

තම හිමිකම් උල්ලංඝනය වී ඇති පාර්ශව වලට ඒ සම්බන්ධයෙන් තමන්ම පරීක්ෂණයක් පවත්වා ස්වාධීනව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවී ඇත. විදේශ සෘජු ආයෝජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජයසූරිය මහත්මිය කියා සිටියේ තමන් සම්බන්ධ ජාත්‍යන්තර සමාගම ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට ඇතුළු වීමට තීරණය කළේ මෙරට බුද්ධිමය දේපළ සුරැකෙන වාතාවරණයක් පැවතීම නිසා නොව දේශීය හවුල්කාර සමාගම දිනා ඇති පිළිගැනීම, නිෂ්පාදනයේ විශිෂ්ටත්වය, සාපේක්ෂව මිලෙන් අඩු එහෙත් කුසලතා පූර්ණ ශ‍්‍රමය, සාක්ෂරතාව සහ ස්ථානමය සාධක යනාදී හේතු නිසා බවයි. ජාත්‍යන්තර සන්නාම වලට මුහුණ දීමට සිදුවිය හැකි අවදානම් අවම කරගැනීම සඳහා විදේශ ආයෝජකයන් විසින් ශ‍්‍රී ලාංකික නිෂ්පාදකයන් වෙත දැඩි සීමාවන් පනවා ඇත.

දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන් ගෝලීය මට්ටමින් ව්‍යාප්ත වී ඇති ව්‍යාජ නිෂ්පාදන ජාලය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මයිකල් කෝස්ට් මහතා කියා සිටියේ අපරාධ කල්ලි විසින් ව්‍යාජ සිගරට් නිපදවීම, නීතිවිරෝධී ලෙස රටරටවල් වලට ඒවා රැගෙන යාම සහ මහා පරිමාණ බදු වංචා සිදුකිරීම ආදිය මගින් ලොව පුරා රජයන්ට වසරකට බ්‍රිතාන්‍ය පවුම් බිලියන 30 ක පමණ අලාභයක් සිදුවන බවයි. අපරාධකරුවන්ට නියම වන දඩුවම් සුළු පරිමාණයේ ඒවා වීම, දේශසීමා අතර පාලනය ප‍්‍රමාණවත් නොවීම, අත්අඩංගුවට ගැනීම් අනුපාතය අවම වීම සහ අසල්වැසි රටවලට සාපේක්ෂව දුම්කොළ නිෂ්පාදන සඳහා අයකෙරෙන බදුවල විශාල වෙනසක් පැවතීම වැනි සාධක නිසා මෙම ගැටලූව මෙරට තුළ ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇත.

ශ‍්‍රී ලංකාව තුළ මහා පරිමාණයේ නීතිවිරෝධී දුම්කොළ නිෂ්පාදන වෙළඳපොළක් පවතින අතර ඒ නිසා මෙම වසර තුළ පමණක් රජයට සිදුවූ පාඩුව රු. බිලියන 13 ඉක්මවයි. එමෙන්ම රට තුළ බුද්ධිමය දේපළ හිමිකම් ලබාගැනීම හා ආරක්ෂා කරගැනීම සම්බන්ධ අභියෝග පැවතීම නිසා විදේශ බහුජාතික සමාගම් ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට මැලිකමක් දක්වන බව කෝස්ට් මහතා පෙන්වා දුන්නේ ය.

බුද්ධිමය දේපළ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයන් වන ජේ. එම්. ස්වාමිනාදන් සහ චානක ද සිල්වා යන මහත්වරුන් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පුළුල් ලෙස අදහස් දැක්වීමක් සිදුකළ අතර බුද්ධිමය දේපළ ලියාපදිංචිය සම්බන්ධයෙන් වැදගත් හා ප‍්‍රායෝගික මගපෙන්වීමක්ද සිදුකළහ.
මෙහිදී අදහස් දැක්වූ ස්වාමිනාදන් මහතා මැඞ්රිඞ් ක‍්‍රමවේදය ක‍්‍රියාවට නැංවීම ඇතුළුව ඉදිරියේදී සිදුවීමට නියමිත සහ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළේ ය. මැඞ්රිඞ් ක‍්‍රමවේදය යනු ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (World Intellectual Property Organization- WIPO) මගින් පරිපාලනය කරනු ලබන, මධ්‍යගත, ගෝලීය පද්ධතියක් වන අතර විදේශ රටවල් තුළදී වෙළඳ ලාංඡුන ලියාපදිංචි කිරීම සහ පවත්වාගෙන යාමට අදාළව එය ක‍්‍රියාත්මක වේ.

වර්තමානයේදී ජනප‍්‍රිය හා වටිනා සන්නාමයක් සහිත ඕනෑම සමාගමක්, තම සන්නාමය යොදාගෙන ව්‍යාජ නිෂ්පාදන නිපදවා ඇති බවට අනුමාන කිරීම සාධාරණ ය. උදාහරණයක් ලෙස ඇඟලූම්, බෑග්, ඖෂධ, ළදරු ආහාර, දුම්කොළ නිෂ්පාදන, රථවාහන අමතර කොටස්, බැටරි සහ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ආදිය නිරන්තරයෙන් මෙසේ ව්‍යාජ ලෙස නිපදවනු ලැබේ. මෙතෙක් ව්‍යාජ නිෂ්පාදන තර්ජනයට ලක්නොවූ සමාගමක් පවා ඉතාමත් ඉක්මනින් මෙම ජාවාරම් කරුවන්ගේ ආක‍්‍රමණයට ලක්වීම නොවැළැක්විය හැකි තත්ත්වයක් බවට පත්වී ඇත.

1992 දී ආරම්භ වූ, ලාභ සඳහා නොවන සංවිධානයක් වන ශ‍්‍රී ලංකා ඇමරිකානු වාණිජ මණ්ඩලය ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළඳාම්, ව්‍යාපාර සහ ආයෝජන කටයුතුවල නියුතු සමාගම් 230 ක පමණ සාමාජිකයන් 350 දෙනෙකුට අධික සංඛ්‍යාවකින් සමන්විත වේ. තම සාමාජිකයන් මෙන්ම සමස්තයක් ලෙස මුළුමහත් ව්‍යාපාර ක්ෂේතරයම මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සිය හඬ අවදි කරන එම සංගමය පෞද්ගලික අංශය හා රාජ්‍ය බලධාරීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා නිරන්තරයෙන් මෙවැනි වැඩසටහන් සංවිධානය කරයි.

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x