Citizen.lk
 
 
OPPO

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා හට අවුරුදු නවය හමාරක සිර දඬුවමක්

 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලා ද සිල්වා හට අවුරුදු නවය හමාරක සිර දඬුවමක් | Ex-Brazil President Lula sentenced to nearly 10 years for corruption
Fri 14 July 2017 11:59 am
90 views

දූෂණ චෝදනා ලැබ සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලා ද සිල්වා අවුරුදු නවය හමාරක සිර දඬුවමකට යටත් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. ලුලා සිල්වා මෙලෙස චෝදනා ලැබ සිටින්නේ ඩොලර් දශ ලක්ෂයකට අධික අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙනි. වෙරළාසන්න නිවාඩු නිකේතනයක තට්ටු නිවාසයක් නවීකරණය කිරීමක් සම්බන්ධයෙන් එම අල්ලස ලබාගෙන ඇති බව සඳහන් වෙයි

ලුලා සිල්වාට ලැබුන තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපතිවරයාගේ නීතිවේදීහු පවසති.
එම නෛතික අරගලය නිමවෙන තෙක් ඔහු බන්ධනාගාර නොකරන බව ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ලූලා ද සිල්වාට ඔහු සැලසුම් කරමින් සිටි ආකාරයට මී ළඟ බ්‍රසීල ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ලැබෙනු ඇත.
මී ලඟ බ්‍රසීල ජනාධිපහිවරණය සඳහා සූදානම් වෙමින් සිටින අපේක්ෂකයන් අතර ඔහු ශක්තිමත් ස්ථානයක සිටින බව බ්‍රසීල දේශපාලනය පිළිබඳ විශ්ලේෂකයෝ පවසති.

BBC-ලෝක වාර්තාකරණය

Bodu Bathi Gee

Latest News

You may also like

Latest Videos

Hot Video

Tense Situation In North Council | උණුසුම් වුණු උතුරුමැද පළාත් සභාව
Yamaha

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x