Citizen.lk
 
Citizen News Line
 

කොටි පැටවෙකුට ලේ කිරි වුන සිංහ ධේනුවගේ මව් සෙනෙහස - Photos

කොටි පැටවෙකුට ලේ කිරි වුන සිංහ ධේනුවගේ මව් සෙනෙහස  - Photos | Truly unique' mother lioness nurses leopard cub in Tanzania
Sun 16 July 2017 9:47 am
4,046 views

"කැලය මාරු වුනත් කොටියාගේ පුල්ලි මාරු නොවේ", යන්න සිංහල ව්‍යවහාරයේ එන යෙදුමකි.

එසේ පුල්ලි මාරු කිරීමට නොහැකි කොටි පැටවෙකුට කිරි මව් වූ සිංහ ධේනුවක් පිළිබඳ පුවතක් ටැන්සානියාවෙන් වාර්තා වේ.වෙනත් සත්ව විශේෂයකට අයත් පැටවෙකුට වනගත සිංහ ධේනුවක් ලේ කිරි කර දෙන ආකාරය කැමරා කාචයක සටහන් වූයේ පළමු වරටය මෙය ඉතාමත් දුර්ලභ සිදුවීමක් ලෙස සත්ව විද්‍යාඥයෝ හඳුන්වති. එම අවස්ථාව කැමරා කාචයේ සටහන් කර ගනු ලැබුවේ යෝප් වෑන් ඩර් ලින්ඩේ විසිනි. ඔහු ටැන්සානියාවේ න්ගොරොන්ගොරෝ සංරක්ෂිත කලාපයේ සංචාරයක නිරත වී සිටින අතරතුරදීය.

'Kope Lion' නමැති රාජ්‍යය නොවන සංවිධානය විසින් GPS කොලරයක් පලඳවනු ලැබ ඇති පස් හැවිරිදි 'නොසිකිටොක්' නමැති සිංහ ධේනුව ජුනි 27-28 අතර ආසන්න කාලයේ තමන්ගේම පැටවුන් තිදෙනෙකු බිහි කර තිබේ.

'Kope Lion' වෙත සහාය ලබා දෙන වනගත බිළාල විශේෂ සංරක්ෂණය කිරීමේ ජාත්‍යන්තර ආයතනයක් වන 'Panthera' සංවිධානයේ සභාපති මෙන්ම ප්‍රධාන සංරක්ෂණ නිලධාරි වශයෙන් කටයුතු කරන වෛද්‍ය ලූක් හන්ටර් කියා සිටියේ එය සුවිශේෂිත සිදුවීමක් බවය.

ඇය පැටවුන් බිහි කිරීමත් සමග ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස ද ඊට බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.එමෙන්ම සිංහ ධේනුවන් සිය පැටවුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරන බවත් ඔහු කියා සිටියේය.කොටි පැටවාගේ මව කොහේ සිටී දැයි යන්න හෝ සිංහ ධේනුව විසින් පැටවා පූර්ණ කාලීනව හදා වඩා ගනු ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලිව කිව නොහැක.

bbc

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News