Citizen.lk
 
 

දිනෙන් දින වැඩි වන ලන්ඩන් ඇසිඩ් ප්‍රහාර වලට දඩුවම් දැඩි කරයි

දිනෙන් දින වැඩි වන ලන්ඩන් ඇසිඩ් ප්‍රහාර වලට දඩුවම් දැඩි කරයි | Acid attack punishments assessed in government review
Mon 17 July 2017 9:08 am
388 views

ඇසිඩ් ප්‍රහාර ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ප්‍රහාරකයන්ට නියම කෙරෙන දඬුවම දැඩි කිරීම පිළිබඳව අවධානය පළ වී තිබෙන බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ගතවගිය මාස හය ඇතුළත එංගලන්තය සහ වේල්සය තුළ ඇසිඩ් ප්‍රහාර 400 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන බව පොලිසිය පවසයි.

පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි 13) රාත්‍රියේ පමණක් ඇසිඩ් ප්‍රහාර පහක් එල්ල වී තිබෙන අතර,
මේ තත්වය යටතේ ඇසිඩ් ප්‍රහාර සම්බන්ධයෙන් මෙන්ම ඇසිඩ් ළඟ තබාගන්නා සහ වෙළඳාමේ යෙදෙන පුද්ගලයන්ට එරෙහිවත් නීති දැඩි කරන මෙන් ඉල්ලීම් මතුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

දේශපාලනඥයන් සහ ඇසිඩ් ප්‍රහාරවලින් දිවි බේරාගත් පුද්ගලයන් කරන එම ඉල්ලීම් පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සඳුදා (ජුලි 16) විවාදයක් පැවැත්වීමට නියමිතය. 2012 සිට සලකා බලන විට මේ වසර දක්වා ප්‍රහාර දෙගුණ වී තිබෙන අතර, සෑම ප්‍රහාරකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x