Citizen.lk
 
 

අර්ජුනගේ ප්‍රකාශයෙන් ඉන්දියාව ඇවිලෙයි - අර්ජුන වගේ කෙනෙක් ඔය වගේ කතාවක් කවදාවත් කියයි කියලා හිතුවෙම නෑ - ඉන්දීය ක්‍රීඩකයෝ කියයි

අර්ජුනගේ ප්‍රකාශයෙන් ඉන්දියාව ඇවිලෙයි - අර්ජුන වගේ කෙනෙක් ඔය වගේ කතාවක් කවදාවත් කියයි කියලා හිතුවෙම නෑ - ඉන්දීය ක්‍රීඩකයෝ කියයි | Indian Cricket Players React to Arjun Ranathunga WC11 Speech
Mon 17 July 2017 9:23 am
15,361 views

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක කතාබහ අතර අර්ජුන රණතුංග හා කුමාර් සංගක්කාර පැවසූ ඇතැම් කරුණු ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වුණා.

ඒ අතර අර්ජුන විසින් පැවසූ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතුය යන ප්‍රකාශයට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිපදෙනකු මේ වන විට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් (97ක්) ලැබූ ගෞතම් ගාම්භීර් පවසා සිටින්නේ අමාත්‍ය අර්ජුන රණතුංග ඒ පිළිබඳව එල්ල කරන චෝදනාවලට සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අර්ජුනගේ ප්‍රකාශයෙන් තමා මවිතයට පත්වූ බවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය දිනූ අර්ජුන වැනි අයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ බවත්ය.

අශීස් නේරාද අර්ජුනගේ ප්‍රකාශය ගැන අදහස් දක්වමින් පවසා තිබුනේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ යුතු බවයි. මෙවැනි දේ පිළිබඳව අදහස් දැක්වීමෙන් ඊට පිළිගැනීමක් ලැබෙන බවද නේරා වැඩිදුරටත් පවසා ඇත.

අශිස් නේරා අර්ජුනගෙන් පෙරලා ප්‍රශ්න කර ඇත්තේද 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණය ප්‍රශ්න කරන්නේ නම් එය සාධාරණ දැයි යන්නය. අර්ජුන රණතුංග වැනි ඉහළ පිළිගැනීමක් සහිත පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම බලාපොරොත්තු කඩකිරීමක් බවද අශීස් නේරා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හර්බජාන් සිංගෙන්ද ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධව විමසූ විට ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර රවීන්ද්‍ර දජේදා තම ට්විටර් පණ්වුඩයක් හරහා ප්‍රශ්න කර ඇත්තේ පසුගිය වසර 6ක් පුරා අර්ජුන මේ පිළිබඳව නිහඬව සිටියේ ඇයිද?යන්නය. එමෙන්ම 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වූ කුමාර් සංගක්කාරද අර්ජුනට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ අදාළ සාක්ෂි තිබේ නම් එවැනි චෝදනා එල්ල කළ යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x