Citizen.lk
 
 

ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සිදුවු විවිධ කෙණහිලිකම් සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ කණස්සල්ල.

 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට සිදුවු විවිධ කෙණහිලිකම් සම්බන්ධයෙන් ක්‍රීඩා විචාරකයන්ගේ කණස්සල්ල. | ashin game
Mon 17 July 2017 9:33 am
557 views

 

මෙවර ඉන්දියාවේ පැවැති 22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට විවිධ කෙණහිලිකම් වලට මුහුණ පෑමට සිදු වුනා. ඒ අතරින් තුන්පිම්ම කාන්තා ඉසව්ව නියෝජනය කළ විදූෂා ලක්ෂානි, කාන්තා මීටර් 800 ඉසව්ව නියෝජනය කළ නිමාලි ලියනආරච්චි යන ක්‍රීඩිකාවන්ට සිදුවුයේ මහත් අසාධාරනයක්.

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ අගනුවර වූ බූබනේෂ්වර් හි පැවැති 22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ සිදුවු මෙම සිද්ධීන් ක්‍රීඩා විචාරකයන් ඉමහත් පිලිකුළින් යුතුව හෙලා දකිනවා. මෙම තරගාවලිය වෙනුවෙන්ම ගෙන්වා තිබූ උපකරණ බොහොමයක් අත්හදා බැලීමකින් තොරව ක්‍රීඩා උළෙ‍ලේදීම භාවිතයට ගැනීම නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසකටම අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුව තිබුනේ ඔහුන්ගේ ක්‍රීඩා ඉසව්වන් සඳහා අවශ්‍ය මානසික මට්ටමද බිඳ දමමින්.

විශේෂයෙන්ම පළමු දිනයේ පවත්වන ලද මීටර් 100 පිරිමි හා කාන්තා මූලික වටයේ තරගවල දී වැරදි තරග ආරම්භ ලබාගැනීමේ වරදට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුට පමණ තරග වැදීමේ අයිතිය අහිමි වුනා. එහිදී තරග ආරම්භය සංඥා කිරීම සඳහා යොදාගත් උපකරණයෙන් නිකුත් වූ හඬ ඊට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අසා නුපුරුදු හඬක් වී ඇති අතර තරග ආරම්භයේදී ඉපිලීම ලබාගැනීම සඳහා පා තබන උපකරණවල ද අඩුපාඩු රැසක් තිබුණු බවත් ඒවා පෙර පරීක්ෂාවකින් තොරව භාවිතයට ගෙන තිබූ බවත් වාර්තා වනවා. රතු කාඩ්පතින් දඬුවම් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකුට නැවත කොළ කාඩ්පත් පෙන්වා තරග කිරීමේ අවස්ථාව ලබා දීමෙන් පැහැදිලි වූයේ ද එය සංවිධායකයින් අතින් සිදු වු අත් වැරදක් බවයි.


ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරගැනීමේ හා විනයගරුක වීමේ වුවමනාවක් ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ නොවූ බව තරඟාවලිය පුරාවටම පැහැදිලිව ප්‍රදර්ශනය වූනා. එයට කදිම සාක්ෂිය සපයනු ලැබුවේ කාන්තා මීටර් 800 අවසන් තරගයේදීය. එහිදී තමා අබිබවා යන්නට උත්සාහ කරන ශ්‍රී ලංකාවේ නිමාලි ලියනආරච්චිට ඒ අවස්ථාවේ ඉදිරියෙන් ධාවනයේ යෙදුණු ඉන්දියාවේ ආර්චනා සිය වම් අත යොදා ගනිමින් බාධා කරන අයුරු මුළු ලොවටම දැකගත හැකි විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තුන්පිම්ම කාන්තා ඉසව්ව නියෝජනය කළ විදූෂා ලක්ෂානිගේ ද අවසන් උත්සාහය නීති විරෝධී බවට රතු ධජය ඔසවා එම ස්ථානයේ සිටි නිලධාරියා සංඥා කළ ද එය නීති විරෝධී උත්සාහයක් නොවූ බවයි වාර්තා වන්නේ. නමුත් විදූෂාගේ ඒ පිම්ම ඉන්දීය ක්‍රීඩිකාවගේ දුර ප්‍රමාණය අභියෝගයට ලක් කරන්නක් වීම හේතුවෙන් අදාළ නිලධාරියා රතු ධජය එසවූ සැණින් වැලිමත ඇගේ පතිතවීමේ සලකුණ මකා දමන්නට ක්‍රියාත්මක වුණා. එසේම මෙම තරගාවලියේ දී වැඩි වශයෙන් දස්කම් දැක්වූයේ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වුවත් තහනම් උත්තේජක පරීක්ෂණවලට ඔවුන් අඩුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් භාජනය කිරීම සැක උපදවන්නක් බව ශ්‍රී ලංකා නියෝජිත පිරිසේගේද මතය වී ඇත්තේ.

කෙතරම් බාධා මධ්‍යයේ වුව ද ශ්‍රී ලංකාව මෙවර රන් පදක්කමක් හා රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉන්දියාවේ බුවනේස්වාර්හි කාලිංග ක්‍රීඩාංගණයේදී සිව් දිනක් පුරා පැවැති 22 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය 09 වැනි ඉරිදා නිමාවට පත්වන විට සත්කාර ඉන්දියාව රන් 12, රිදී 05ක් හා ලෝකඩ 12ක් වශයෙන් පදක්කම් 29ක් දිනා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනාගන්නට සමත් විය.

මෙම ක්‍රීඩා උළෙ‍ලේ වැඩිම වාර ගණනකදී ශූරතාව දිනා ඇති චීනය මෙවර රන් 08, රිදී 07ක් හා ලෝකඩ 05ක් ලෙස පදක්කම් 20ක් සහිතව දෙවැනි ස්ථානයට පත්ව සිටියේය. කසකස්තානය රන් 04ක්, රිදී 02ක් හා ලෝකඩ 02ක් වශයෙන් පදක්කම් 08ක් සහිතව තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

23 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය කටාර්හිදී 2019 වසරේ පැවැත් වීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x