Citizen.lk
 
 

කොටගලදී පිහිලි පැන්න දුම්රිය හරිමඟට ගන්න ආව දොඹකරය - Photos

 කොටගලදී පිහිලි පැන්න දුම්රිය හරිමඟට ගන්න ආව දොඹකරය - Photos | Train Accident Kotagala Update
Mon 17 July 2017 10:53 am
3,627 views

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13.07) වනදා රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරි හතරක් පිලි පැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් අංශයේ ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි මහතා පැවසුවා.

අද (17) උදෑසන සිට එම පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සදහා රැගෙන එන උපකරණ ගොඩ බෑමට මෙම දොඹකරයේ සහයෝගය ලබා ගන්නා බවයි රංජිත් විජේසිරි මහතා පැවසුවේ. යකඩ තාක්ෂණය අඩු කාලයකදි මෙම පාලම ඉදිකර ඇති බවත් වර්තමානයේ වැඩි බරකින් යුත් දුම්රිය එන්ජින් ධාවනයට එක්කර තිබිම නිසා මෙම පාලම වෙනුවට නව යකඩ පාලමක් සවිකිරිම සමිබන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවි ඇති බවයි ප‍්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ.

අලාභ හානි වු මෙම පාලම සති තුනක් ඇතුලත අලූත් වැඩියා කර උඩරට දුම්රිය ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් කිරිමට සැලසුමි කර තිබුනද තම සේවකයන්ගේ කාර්යක්ෂම සේවය හමුවේ පාලම ප‍්‍රතිසංස්කරණය කර අවසන් කිරිමට සැලසුම් කළ කාලයට වඩා කඩිනමින් දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරිම තම අපේක්‍ෂාව බවයි රංජිත් විජේසිරි මහතා වැඩි දුරටත් පවසා සිටියේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x