Citizen.lk
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි  | JANAPATHI RANIL NOTHESI
Mon 17 July 2017 12:14 pm
377 views


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබෙනවා.

කූට ලේඛන සකස් කිරීමේ චෝදනා මත හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩු විභාගය අද(17) යළි කැඳවනු ලැබුවා.

එහිදී පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති එවකට හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතායී.

ඒ අනුව මීට පෙර ඔවුන් දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණ ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ප්‍රකාශ කළේ රාජකාරි හේතු මත සාක්ෂිකරුවන්ට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

නඩු විභාගය දෙසැම්බර් මස 04 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News