Citizen.lk
 
Citizen News Line
 

1960 දී සිඳී ගිය ඇරල් මුහුද කාන්තාරයක් වී ඇති අයුරු- Photos

 1960 දී සිඳී ගිය ඇරල් මුහුද කාන්තාරයක් වී ඇති අයුරු- Photos  | Disappearance of the Aral Sea
Mon 17 July 2017 1:41 pm
11,351 views

උස්බෙකිස්තානය හා කසකස්ථානය අතර දේශසීමාවේ පිහිටා තිබූ ඇරල් මුහුද සක්‍රීයව තිබියදී ලොව හතරවන විශාලම ගොඩබිමෙන් වටවූ මුහුද විය.

1960 දී වර්ග සැතපුම් 26000 ක් වූ ඇරල් මුහුදේ ජලය කරදිය වු නමුත් ලුණු අඩංගු වන්නේ සුලු වශයෙනි.1960 දී මෙහි ජල පරිමාව වැඩිම උස මීටර 112 ක්ද, අඩුම ස්ථානයේ උස මීටර 16ක් ද විය.

2008 වසරේ වාර්තා වල උපරිම ගැබුර ඇති ස්ථානය මීටර 42 කි ගැඹුර සාමාන්‍ය අගය උතුරු කොටසේ මීටර 8.7 (2014) දී,දකුණු කොටසේ මීටර 15 (2005)දී,1954 පමණ සිට ඇරල් මුහුද සිඳී යාමට පටන් ගත් අතර 1960සිට සීඝ්‍රයෙන් මුහුදේ ජලය සිඳී ගිය අතර සෝවියට් රුසියාවේ රජය ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

රුසියානුවන් විසින් ඇරල් මුහුදට ගලා ගිය ගංඟා දෙක හරහා ඇලමාර්ග ඉදිකර කාන්තාර ප්‍රදේශයේ අක්කර ගණනාවක කජු සහ කොමඩු වගා කර ඇත.

මසුන් වර්ග 37 ක් ඇතුලු බොහෝ ජීවීන් රැසකට වාසස්ථානය වූ ඇරල් මුහුද අද කාන්තාරයකි.1980 සෝවියට් රුසියාවේ සිදුවු මෙම විනාශය ලෝකයේ න්‍යශ්ටික පිපුරුමට වැඩි ඛේදවාචකයක් බව විද්වතුන් සඳහන් කරයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News