Citizen.lk
 

මොරටු විශ්ව විද්‍යාලයේ සුනඛයින් එන්නත් කර මැරූ කතාවේ ඇත්ත නැත්ත එළියට - Photos

මොරටු විශ්ව විද්‍යාලයේ සුනඛයින් එන්නත් කර මැරූ කතාවේ ඇත්ත නැත්ත එළියට - Photos | Needles used to paralyse 23 dogs, several cats
Mon 17 July 2017 2:18 pm
11,621 views

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි මොරටු විශ්ව විද්‍යාලය සතු භූමියක තිබී මිය ගිය සුනඛයන් දෙදෙනෙකුගේ සහ බළලුන් දස දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට සත්ව සංවිධානයක වන් ‘රේ ඔෆ් හෝප්’හි කණ්ඩායමකට හැකිව තිබෙනවා.

සුනඛයින් හා බළලුන් පිරිසක් මොරටු සරසවියේදී නිර්විර්දනය කොට වෙනත් ස්ථානයකට ගෙන ගොස් දැමීමක් පිළිබඳව තම සංවිධානයට පසුගිය බ්‍රහස්පතින්දා සිට තොරතුරු ලැබුණු බවත් ඒ පිළිබඳව කළ විමසීමක දී පසුගිය ඉරිදා (16) පස්වරුවේ මොරටු විශ්ව විද්‍යාලය සතු ඉහත සඳහන් භූමියේ තිබී මෙම සත්ව මළ සිරුරු දැක ගත හැකිවූ බවත් එම සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වන ඉරාකි කොඩිතුවක්කු මහත්මිය පවසා තිබෙනවා.

එහිදී එම මළ සිරුරු දැඩි ලෙස නරක් වී තිබූ අතර එසේ මළ සිරුරු ගෙනවිත් දැමීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ ද දැඩි විරෝධය එල්ල වී ඇති බවද ඇය ප්‍රකාශ කර සිටිනවා. එම මළ සිරුරු අතරේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බළලුන් දෙදෙනෙකුගේ ජීවිත බේරාගෙන තම සංවිධානය භාරයට ගැනීමට හැකි වූ බව ද ඇය කියා සිටියාය.

මෙය මොරටුව විශ්ව විද්‍යාලයට සම්බන්ධ යම් පිරිසකගේ ක්‍රියාවක් බව මේ වන විට තහවුරු වෙමින් ඇති බව කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පවසා සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News