Citizen.lk
 
 

ජෝන් එබ්‍රහම්ගෙන් කොල්ලන්ට දුන්න පුදුම හිතෙන උපදෙස් දහය

ජෝන් එබ්‍රහම්ගෙන් කොල්ලන්ට දුන්න පුදුම හිතෙන උපදෙස් දහය  | John Abraham 10 inductions
Mon 17 July 2017 4:51 pm
9,155 views

බොලිවුඩයේ කඩවසම් ම නළුවා හැටියට කලක් තිස්සේ වැජඹෙන ජෝන් ඒබ‍්‍රහම් සුප‍්‍රකට Men's Health India සගරාවට ඔහුගේ ජීවිතය පිළිබඳ දීර්ඝ ලිපියක් සපයා තිබුණා.එහිදී ඔහු තාරුණ්‍යයට අගනා උපදෙස් කිහිපයක් ලබාදී තිබුණා. එහි සිංහල අනුවාදයක් රිවිසරසියෙහි මෙලෙස පළවෙනවා

01 නළුවන්ව අනුකරණය කරන්නට යාමෙන් වළකින්න.
තරුණයන් නළුවන් දැකීමෙන් අමන්දානන්දයට පත්වන බව මම දන්නවා. නළුවෙක් හැටියට අවංකව කතා කළොත් මම කියන්නේ අපි ආදර්ශවත් චරිත නෙවෙයි කියලයි . කඩවසම් බොහෝ නළුවන්ට ආකර්ෂණීය සිරුරු තියෙන බව ඇත්ත . ඒත් ඔබ දකින්නේ ශරීරය විතරයි . ඔබ දන්නවද ඒ ශරීරය නඩත්තු කරන්න ඔහු ජීවත් වෙන ආකාරය මොකක්ද කියල ? නැහැ නේද ? ඔහු කන්නේ මොනවා ද ? බොන්නේ මොනවද ? මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද ? කොටින්ම ජීවන විලාසය මොනවගේ ද කියල ඔබ දන්නේ නෑ .ඒ නිසා මම කියන්නේ නළුවන්ගේ පෙනුමට වඩා ඔවුන්ගෙන් ජීවිතයට ගන්න දෙයක් තියෙනවද කියල හොයල බලනවානම් ඒක වැදගත් කියලයි .

02. කිසිවෙක් අංගසම්පූර්ණ නැහැ , ඔබ මෙන්ම මමත්
හදවතින්ම කිව්වොත් මගේ හිත බලාපොරොත්තු වෙන තරම් මම හැබෑ ජිවිතයේ දී නම්‍යශීලි නැහැ . නමුත් මට එහෙම වෙන්න ආසයි. එහෙම නොවීමෙන් වෙන නරක විපාකත් මම දන්නවා . මේ ගැන දන්නා මගේ අතිශය පුද්ගලික යාළුවෝ මට යෝග ව්‍යායාම කරන්න උපදෙස් දෙනවා . එත් ඉවසීම නැතිකම කියන දුර්වලතාවෙන් මම පෙළෙන නිසා මට එය කරගන්න බැහැ . ඒ නිසා ඔබට ආදර්ශයක් වෙන්න මට පුළුවන්කමක් නැහැ .

03. ජීවයේ ඉන්ධන ආහාරයි
මගේ කඩවසම් සිරුර ගැන උමතුවෙන් බලන අයට කියන්න තියෙන්නේ මේක මම ව්‍යායාම තුළින් විතරක් හදාගත්ත ඇඟක් නෙවෙයි කියලයි. ව්‍යායාම කියන්නේ 40% යි . ඉතුරු 60%ම නිවැරදි ආහාර රටාව . ඒ නිසා අඩුම තරමින් නිවැරදි ආහාර රටාවකට හුරුවෙන්න. ඒවා මිල අධික විය යුතු නැහැ . නමුත් ගුණදායක විය යුතුයි.

04. හිත කිව්වට නවතින්නෙපා.
ජිම් එකට ගිහින් ව්‍යායාම කරනකොට දැන් නම් ඇති කියලා මගේ හිත කියන වාර ගණන අනන්තයි . එත් ඇඟ බැහැ කියනකල් මම නවතින්නේ නැහැ . මහන්සිවෙන්න හිත කම්මැලියි . එහෙම වුණත් ශරීරයට දරාගැනීමේ හැකියාව තියෙනකල් මම හැමදාම පුහුණුවීම් කරනවා . ජිම් යන්න බෑ කියල ඔබට හිතුනු දවසට සාර්ථකත්වය ගැන කොහොම වෙතත් අසාර්ථක වීමෙන් මුහුණදෙන්න වෙන කටුකත්වය ගැන කල්පනා කරලා බලන්නකෝ . මම මේ ගමන ආවේ එහෙමයි .

05. සමතුලිත ජීවිතයකට ආදරය ඕනෙමයි
ජිම් එකේ දවස ගතකරන කොල්ලෝ හුඟ දෙනෙක් සමාජීය සම්බන්ධතා පැත්තෙන් අසාර්ථකයි . අසමතුලිතයි . ඒත් සමතුලිත ජීවිතයකට කැමති කෙනෙක් අනිවාර්යයෙන් හිතන්න ඕනේ ජිම් එකෙන් පිටත් ලෝකයක් තියෙනවා කියලා .
ආදරය අමතක කරන්න එපා .

06. ආතතියෙන් අත්මිදෙන්න
පුද්ගලිකව මගේ ජීවිතයේ ගනුදෙනු තියෙන්නේ ඉලක්ක එක්ක විතරයි . මේක අරමුණක් ඇතුව යන ගමනක් . අවාසනාවට හුඟක් නළුවන්ට ඉලක්ක හෝ අරමුණු නැහැ . ගමන යන අතරමගදී හමුවෙන කිසිම බාධකයක් මගේ ඉලක්කයට අදාළ නැහැ . ඒ නිසා කිසිම දේකින් මම ආතතියට පත්වෙන්නේ නැහැ .

07. මං ලිංගිකත්වයේ සංකේතයක් ලූ
බොහෝ අය මාව එහෙම හඳුන්වන බව මම දන්නවා. නමුත් ඒ එක පැත්තක් විතරයි . අනික් අතින් මම හරි මෘදු කෙනෙක් . මගේ මස්පිඩු ඇත්ත ද කියලා සැකෙන් බලන අය නම් ඕනෙ තරම් ඉන්නවා . මගේ ජීවිතය දිහාත් ඒ විදියට හැම පැත්තකින්ම බලනවා නම් මම කැමතියි .

08. නියම පිරිමි හැඩට ඉන්නවා තමයි.
අපේ රටේ පිරිමි හුරුවෙලා ඉන්නේ අපිළිවෙළ ජීවිතයකට. පිරිසිදුකම හා පිළිවෙළ ජීවිතයකට උවමනාම දෙයක්. මම නිතරම වාගේ අත්දෙක සෝදා ගන්නවා . දවසට හතර පස් වතාවක්ම මුහුණ හෝදනවා . වතුර නාස්ති නොකර දෙපාරක් නානවා. පිරිසුදුකමට ඉන්න කැමති කෙනෙක් මේ දේවල් අත්හදා බැලූවට කමක් නැහැ.

09. ජීවිතයට ලැබුණු හොඳම උපදෙස.
ඒබ‍්‍රහම් ජෝන් කියන මගේ තාත්ත තමයි මගේ ජිවිතේ වීරයා . ජීවිතේ හොඳම උපදෙස මට දුන්නෙත් ඔහු . ”හොඳ මිනිහෙක් වෙන්න පල්ලියට යන්නම ඕනේ නෑ” කියල ඔහු මට කිව්වා .

10. සික්ස් ෆැක්ස් හඹා යන්නෙපා.
පිරිමියෙකුගේ ශක්තිමත්භාවයේ සංකේතය ඔය මස්පිඩු හය කියල ඔබ හිතනවා ද ? කවදාවත් අපට එහෙම කියන්න බැහැ . ජිම්එකේ ජීවිතය ගත කළේ නැතුවට ක‍්‍රීඩාශීලී සහ කඩිසරව දවස ගතකරන්න ඔබට පුළුවන් නම් ඔබේ ළඟ හොඳ ශක්තියක් තියෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x