Citizen.lk
 
 
OPPO

OPPO සහ ඇන්ජලෝ මැතිව්ස් රසිකයන්ගේ සුහද හමුවක්

OPPO සහ ඇන්ජලෝ මැතිව්ස් රසිකයන්ගේ සුහද හමුවක් | OPPO Meet Mathews
Thu 03 August 2017 11:48 am
216 views

ක‍්‍රීඩා ලෝලීන්ට OPPO Brand Ambassador ඇන්ජලෝ මැතිව්ස් සමග සුවිශේෂි රාත‍්‍රී සාදයකට සහභාගී වීමේ අවස්ථාව උදා කරදුන්’Meet Matthews' වැඩසටහන අතිශයින් සාර්ථක වූ බව OPPO නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Mövenpickහෝටලයේ Mont Blanc හිදී ඇන්ජලෝ මැතිව්ස් හමුවී OPPO සමග සතුට හා සුහදත්වය උපරිමයෙන් අත්විඳීමේ අවස්ථාව OPPO පාරිභෝගිකයන්ට හිමි විය. ජූලි මාසය තුළ OPPO F3 දුරකථන මිලදීගත් පාරිභෝගිකයන් සහ OPPO Facebook පිටුව ඔස්සේ පැවැත්වූ තරගයකින් අනතුරුව මෙම වාසනාවන්තයන් හා වාසනාවන්තියන් පිරිස තෝරාගන්නා ලදි.

‘‘මේ වැඩසටහන ඉතාමත් සාර්ථක වැඩසටහනක් වුණා. OPPO පාරිභෝගිකයන්ට මේ ආකාරයට ඔවුන්ගේ ප‍්‍රියතම ක‍්‍රීඩා තරුවක් වන ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාව සලසා දීමට ලැබීම අපට විශාල සතුටක්. OPPO සන්නාමයේ මූලික ලක්ෂණ වන ප‍්‍රවීණත්වය, විශිෂ්ටත්වය සහ සතුට යනාදී ගුණාංග ඇන්ජලෝ මැතිව්ස්ගේ ක‍්‍රීඩා ශෛලියේ මූලික ගුණාංග සමග මැනවින් ගැළපෙනවා කියා අප සිතනවා.

OPPO යනු ජීවිතයේ මතක සදාතනික කරගැනීම සඳහා ජනතාව යොමු කරවන සන්නාමයක්. ’Meet Mathews’ වැඩසටහනේදී එවැනි සදාතනික මතක අත්විඳීමට අපගේ පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබුණා. මේ සඳහා අප සමග එක්වීම සම්බන්ධයෙන් මා ඇන්ජලෝ මැතිව්ස්ට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. ඒ වගේම දැඩි උනන්දුවක් දක්වමින් මෙම වැඩසටහනට සහභාගී වී එය සාර්ථක කරගැනීමට දායක වූ සියලූම දෙනාට ස්තූති කිරීමටත් මා කැමතියි.” OPPO Sri Lanka හි ප‍්‍රධාන විධායක නිලධාරී ටොම් සූ මහතා පැවසී ය.

ඇන්ජලෝ මැතිව්ස් සහ OPPO සන්නාම කළමනාකරු විසින් පවත්වන ලද කෙටි අදහස් දැක්වීම් වලින් පසුව සාදය ආරම්භ වූ අතර ඉන් අනතුරුව මැතිව්ස් සමග සුහද පිළිසඳරක් පැවැත්විණි. රාත‍්‍රී ආහාරයට පෙර මැතිව්ස් සමග ඡායාරූප ගැනීමට මෙන්ම OPPO Selfie Zone සිට සෙල්ෆී ඡායාරූප ගැනීමටද පැමිණි පිරිසට අවස්ථාව හිමි විය. තවද මැතිව්ස් සමග 'Group Selfie' ඡායාරූප සඳහා පෙනී සිටීමටද පිරිසට අවස්ථාව සලසා දෙන ලදි.


.OPPO යනු සැබැවින්ම පෙරළිකාරී සන්නාමයක් කියා මා සිතනවා. මෙම වැඩසටහනට සහභාගී වීමට ලැබීම මට විශාල සතුටක්. ඒ වගේම උත්සවයේ සෑම මොහොතක්ම මටත් වටිනා මතකයක් වුණා. පාරිභෝගිකයන්ට විශිෂ්ට නිෂ්පාදන තිළිණ කරන අතරම Selfie Expert විරුදාවලිය ලැබීමට OPPO සමත් වී ඇති ආකාරය මා බෙහෙවින් අගය කරනවා. ඇත්තටම OPPO පැමිණ තිබෙන ගමන් මග බෙහෙවින් ප‍්‍රශංසනීයයි.” ඇන්ජලෝ මැතිව්ස් සිය අදහස් පළකළේ එසේ ය.

ශ‍්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියවු ක‍්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් 2008 දී මුලින්ම ජාතික කණ්ඩායමට එක්වූ අතර 2013 සිට 2017 දක්වා කණ්ඩායමේ නායකත්වය දැරී ය. මඳ වේග පන්දු යවන, දකුණත් පිතිකරුවෙකු වන මැතිව්ස් විවිධ අවස්ථා වලදී ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් සුවිශේෂී දස්කම් දක්වා ඇත.

‘‘මේ වැඩසටහන අපට කිසිදාක අමතක නොවන අත්දැකීමක්. මෙබඳු වැඩසටහනක් දියත් කරමින අපට ඇන්ජලෝ මැතිව්ස් හමුවීමේ අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් මා OPPO සමාගමට බෙහෙවින් ස්තූතිවන්ත වනවා. ’Meet Matthews' වැඩසටහන සහභාගී වීමට වරම් හිමිවූ වාසනාවන්තයන් අතරින් කෙනෙකු වන මධුශංඛ කුමාර පැවසී ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News