Citizen.lk
 
 

ආර්ථික වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස නව මූල්‍ය රැකියා නිර්මාණය වෙමින් ඇත - everjobs.lk වෘත්තීය වාර්තාව පවසයි

ආර්ථික වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස නව මූල්‍ය රැකියා නිර්මාණය වෙමින් ඇත - everjobs.lk වෘත්තීය වාර්තාව පවසයි | New finance jobs being created as a result of economic changes says  everjobs.lk career report
Fri 04 August 2017 12:23 pm
667 views

වර්ෂ 2017 ජුලි මස 24 වැනිදා, කොළඹ - ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 153[1] ක් තෙක් ඉහල යාමෙන්, රටේ ආර්ථිකය වෙනස්කම් රැසකට ලක් වෙමින් ඇත. මෙසේ රුපියල අවප්‍රමාණය වීමට ප්‍රධාන හේතුව රටේ වෙළඳ හිඟය පුළුල් වීමයි[2]. ඒ අනුව ආදායම වැඩි කර රාජ්‍ය හිඟය අඩු කිරීමේ අරමුණින්, 2016 වර්ෂයේ දී රජය විසින් VAT බදු සංශෝධනයක් සිදු කරන ලදි. සියලු ව්‍යාපාරවලට බලපෑ මේ ප්‍රතිසංස්කරණ වලින් වැඩිම ප්‍රතිලාභ අත් කර ගත්තේ මූල්‍ය අංශයයි. මේ බව everjobs.lk වෙබ් අඩවියෙන් එළිදැක්වූ වෘත්තීය වාර්තාවෙන් අනාවරණය වී ඇත. එයට අනුව, ගිණුම්කරණ හා මූල්‍ය රැකියාවල ඉහල පුරප්පාඩු පවතින අතර, පසුගිය මාස තුන තුළ රැකියා ඉල්ලුම් පත් වැඩිම සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමට එම ක්ෂේත්‍රය සමත්වී ඇත.

ගිණුම් හා මූල්‍ය අංශයට පසු වැඩිම රැකියා ජනනය කර ඇත්තේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයයි. 2017 අප්‍රේල්, මැයි සහ ජුනි මාස වල everjobs.lk අඩවිය තුලින් සොයන ලද රැකිය අතර ‘දත්ත ඇතුළත් කිරීම’ හා ‘IT’ ප්‍රමුඛ ස්ථානයක් ගැනීම මෙයට හේතුවයි. රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉලක්කය ලෙස සඳහන් වන්නේ 2000 අධික නව තාක්ෂණික සමාගම් ආරම්භ කර, 200,000 අධික රැකියාද උත්පාදනය කර, වර්ෂ 2022 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් රටට උපයා දීමයි3. IBM ආයතනයට අනුව ශ්‍රී ලංකාව ව්‍යාපාරික ක්‍රියා බාහිර කරණය සඳහා ලොව 12වන ස්ථානයේ සිටින අතර, Fortune 500 ලැයිස්තුවේ සිටින Google, J.P. Morgan & Co, Microsoft, Emirates හා Qatar Airways වැනි සමාගම් ආකර්ෂණය කර ගැනීමට සමත්වී ඇත.

Everjobs.lk හි කළමනාකාර අධ්‍යක්ෂ Rushabh Sheth මහතා පවසන අන්දමට, “වාණිජ කටයුතු ඕනෑම සමාගමක ප්‍රධාන කාර්යයක් ගත්තත්, ගුණාත්මක මූල්‍ය වෘත්තිකයන්ගේ දැඩි අඩුවක් මෙරට තවමත් ඇත.” “කෙසේ වෙතත්, මා විශ්වාස කරන අන්දමට මේ ප්‍රවණතාව තාවකාලික වන අතර ශ්‍රී ලංකාවේ අනාගතය ඇත්තේ තොරතුරු තාක්ෂණයේයි. විශේෂයෙන් මොරටුව විශ්වවිද්‍යාලය මෙහිදී ජාත්‍යන්තර මට්ටමේ පරිගණක ඉංජිනේරුවන් බිහි කිරීමට සමත්ව ඇත. ව්‍යාපාරික ක්‍රියා බාහිර කරණ ක්ෂේත්‍රයේ (BPO), පිබිදීමත් සමග තොරතුරු තාක්ෂණ රැකියා වලට ඇති ඉල්ලුම තවදුරටත් ඉහල යනු අපට දැකගත හැකි වනු ඇත.”

2017 දෙවන කාර්තුව වනවිට රැකියා අපේක්ෂකයන් වඩාත් කැමති වෘත්තීන් වල වෙනසක් දැකිය හැක. 2016 වසරේදී මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියා සඳහා ඉහල ඉල්ලුමක් තිබුනත්, 2017 දෙවන කාර්තුව වනවිට සීමාවාසික හා පුහුණු මට්ටමේ රැකියා වලට ඇති ඉල්ලුම ඉහල ගොස් ඇත. මෙයට හේතුව, රැකියා වෙළෙඳපොළේ තරගකාරී වීමට නම් හොඳ පුහුණුවක් තිබීම අත්‍යවශ්‍ය බව සිසුන් අවබෝධ කර ගැනීමයි.

Everjobs.lk දැනට ශ්‍රී ලංකාව, කාම්බෝජය, බංග්ලාදේශය හා මියන්මාරය යන රටවල ක්‍රියාත්මක වෘත්තීය මාර්ගෝපදේශන වෙබ් අඩවියකි. වර්ෂ 2015 මාර්තු මස අරඹන ලද එය, කලාපීය ප්‍රධාන විධායක Gijs Verheijke යටතේ, සංවර්ධනය වන රටවල රැකියා සොයා දෙන ප්‍රධාන මූලාශ්‍රයක් වීමට අපේක්ෂා කරයි. Asia Pacific Internet Group (APACIG) සමූහයට අයත් everjobs.lk ආයතනය, Rocket Internet හා Ooredoo යන සමාගම් අතර හවුල් ව්‍යාපාරයකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x