Citizen.lk
 
 

නවල් එකේ කවරයෙන් ඇරඹුන ධංනජය ශෂිනිගේ අවුරුදු 8 ක ආදරකතාව ගැන කියන ශෂිනි සිරිවර්ධන

නවල් එකේ කවරයෙන් ඇරඹුන ධංනජය ශෂිනිගේ අවුරුදු 8 ක ආදරකතාව ගැන කියන ශෂිනි සිරිවර්ධන  | dananjaya siriwardana
Wed 09 August 2017 10:04 am
11,579 views

Q- කොහොමද ධනංජයව හදුණගන්නේ?
ඒ සිද්ධිය වෙද්දි මම උසස් පෙළ කරනවා ඒ කාලේ සමහර වෙලාවට මම ෆොටෝ ෂූට්වලට යනවා ඉතින් නවල් එකක කවරයකට ධනංජය සිරිවර්ධන කියන නළුවා එක්ක ෆොටෝ ෂූට් ඒකක් කරන්න තියෙනවා පුළුවන්ද කියලා පවුලේ හිතවෙතෙක් වුණ ඉන්දික
මල්ලවආරච්චි කියන ඡායාරූප ශිල්පියා ඇහුවා. ඉතින් ඒකට ගියාම තමයි මං මුලින්ම මෙයාව හඳුනා ගත්තේ

Q-ධනංජය සිරිවර්ධන කියන ප්‍රසිද්ධ නළුවා එක්ක ෆොටෝ ෂූට් එකක් කරන්න ආරාධනාවක් ලැබණම මොකද හිතුණේ?
ඇත්තටම ඒ දවස්වල මං හරියට දැනගෙන හිටියෙත් නෑ මෙයාව නළුවෙක් විදියට මෙවා ප්‍රසිද්ධත් නැහැ. වසුදා කියන ටෙලි නාට්‍යයෙන් මං එයාව දැකලා තිබුණා. ඊට වැඩිය නම් දැකලා තිබුණේම නෑ. ඉතින් ලොකු දෙයක් හිතුණේ නැහැ

Q-හැඳුනුම්කමක් නැති ධනංජයගෙන් ඒ වෙලාවෙදී ඔයාට ලැබුණු සහාය කොහොමද?
ධනංජය ඇත්තටම හරි ආඩම්බරයි හ් වගේම එදා හරි වැදගත් විදිහට හිටියා ඒ දවස්වල එයාට වඩා මම ෆොටෝ ෂුට් කරලාා තිබුණා ඒ වුණාට එයා මාත් එක්ක වැඩි කතාබහක් නෑ වැඩේ විතරයි හැබැයි ටික වෙලාවකින් සුහඳ වුණා එයා හිටිය විදිහට මං කැමතියි.

Q-ඒ හමුවීමෙන් පස්සේ දෙන්නට කතා කරන්න තිබුණ හිතවත්කම වැඩි වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ කොහොමද?
ඒ ෆොටෝ ෂූට් එක කරපු දවසේ තමයි මම හෑන්ඩ් ෆෝන් එකකුත් ලැබුණේ ඉතිං මං මගේ ෆෝන් නම්බර් එකවත් දැනගෙන හිටියේ නෑ ධනංජය හිතවත් වුණාට පස්සේ මගෙන් ෆොන් නම්බර් එක ඉල්ලුවා ඒ වෙලාවේ එයාගේ නම්බර් එක ඩයල් කරලා තමයි මං මගේ නම්බර් එකත් දැනගත්තේ ඒ විදිහට තමයි කතා කරන්න පටන් ගත්තේ

Q-කොහොමද ඒ හිතවත්කම ආදරයකට පෙරළුණේ ?
පළවෙනි හමුවේදීම එයා ගැන ඇති වුණ පැහැදීමත් එක්ක අපි ෆොන් එකෙන් කතා කළා වැඩිපුර කතා කරන්න ගිහින් නොදැනීම වගේ තමයි ආදර කතාව පටන් ගත්තේ. ඒ දවස්වල ගෙදරට හොරෙන් හොරෙන් තමයි අපි කතා කරෙත්

Q-ඉතින් ධනංජගේ යොජනාවට ශෂිනි එකපාරටම කැමති කිව්වද?
අකමැත්තක් වෙන්න හේතුවක් වුණෙත් නැහැ ටික දවසක් කතා කරලනේ ඒ වෙද්දි මගේ හිතේ කැමත්තක් ඇති වෙලා තිබුණේ ඉතින් යෝජනාව ගෙනාව ගමන් මං කැමතියි කියලා කිව්වා.

Q-එහෙම කැමති වෙන්න විශේෂ හේතුවත් තිබුණද?
කොහොමත් එයා හැසිරෙන විදිය කතා බහ කරන විදිය පළමුවෙනි දවසෙම මං කැමති වුණානේ මං වැඩිපුරම කැමති වුණේ එයාගේ ආඩම්බරකමට පිරිමියෙක් වුණාම එහෙම වෙන්න ඕන කියලා මගේ හීතේ තිබුණා මං කැමති දේවල් ගතිගුණ නිසා වෙන්න ඇති එහෙම වුණේ

Q-පෙම්වතුන් වුණාට පස්සේ දෙන්නා මුණගැහුණු පළවෙනි දවස මතකද? මොකද හිතුණේ එදා ?
ගෙදරින් දැනගෙන හිටියේ නැති නිසා පොඩි බයක් තිබුණා. ඒ හමුවීම පොඩි හොර ගමනකුත් වෙනවනේ ඒ දවස්වල අපිට ලොකු නිදහසක් තිබුණෙත් නැනේ පොඩි සතුයකුත් තිබුණා.

Q-සාමාන්‍ය ජීවිතේදී ධනංජය සිරිවර්ධන කියන කෙනා ඔයා දකින්නේ මොන විදිහටද?
එයා නළුවෙක මොඩ්ල් කෙනෙක් විදියට මං කවදාවත් දැක්කේ නෑ ධනංජය සිරිවර්ධන කියන පුද්ගලයව විතරයි මං දැක්කේ මගේ ඉස්සරහ මට එයාව පෙණුනෙත් එහෙමයි ඒ කිසි දෙයක් අද වෙනකලුත් අපි හිතන්නේ නෑ සාමන්‍ය පුද්ගලයෙක විදිහට හරි වැදගත් විදිහට ජොලියේ ඉන්න කෙනෙක් බොරුවක් කරන්නේ නැහැ හ් වගේ පුද්ගලයෙක්

Q-ආදරේ කරන කාලේ සිදුවුණ අමතක නොවන වැඩිපුර හිතට දැණුන සිදුවීම් තියෙනවද?
අපේ සම්බන්ධය පටන් ගත්ත මුල කාලෙදී සම්බන්ධය නැතිවුණ අවස්ථාවන් ගොඩාක් තියෙනවි පොඩි පොඩි හේතු එක්ක තමයි ඒවා වුණේ එහෙම වුණ එක් අවස්ථාවක මං හිටියේ පිටරට මෙයාට අනතුරක් වෙලා අතත් බැන්ඩේජ් කරගෙන ඉන්න ෆෝටෝ එකක් දාපු ආර්ටිකල් එකක් මං දැක්කා පත්තරේක තියෙනවා

- එකේ එයා ඇදගෙන හිටියෙත් මං දුන්න ටීෂරිට් එකක් ව්‍යංගයෙන් මට ආරාධනාවකුතත් එකේ තිබුණා
ආපහු එන්න වගේ දෙයක් ඉතින් ඒ සිද්ධියේදී මං ගොඩාක් සංවේදී වුණා මං ඒ වෙලාවෙම කොල් කළා එයාට ඒ වෙනකල් මං හිතන් හිටියේ මං අයේ කතා කරන්නේ නෑ කියලා ඊට පස්සේ අපි ආපහු යාළුවූණා තවත් අවස්ථාවකදී එහෙම තරහ වෙලා ඉද්දි එයා මාව හොයන් ඩුබායිවලට ආවා. හිතපු නැති විදිහට එකපාරටම අපි මැරි කරමු කියන දේ එයා කිව්වා පස්සේ තමයි අපි ඉක්මනට මැරි කළේ

Q ධනංජයගෙන් ලැබුණ පළවෙනි ගිෆ්ට් එක මතකද?
ගිෆ්ඒ එකක් කියන්නේ ජුවලරි සෙට් එකක් ලැබුණා ඒක තාම තියෙනවා ඉස්සර නම් හැමදාම තෑගි හමුබවුණා දැනි විශේෂ අවස්ථාවල විතරයි

Q ශෂිනි ගත්ත මේ තීරණයට ගෙදරින් කැමැත්ත ලැබුණද?
මං ඒලෙවල් කරලා ඉවර වුණාට පස්සේ තමයි අපේ ගෙදරට කිව්වේ ගෙදරින් මුලින් කැමැත්තක් ලැබුණේ නැහැ එයාලා කැමති වුෆණ් මං ඉගෙන ගන්නවට අනික වයසත් පොඩියි පස්සේ කොහොම හරි අපේ ගෙදර අයත් එයා එක්ක කතා කරලා අම්මලාටත් එයාව තේරණාම අපිට අවසරය ලැබුණා ගෙවල් දෙකෙන්ම ඒ විදිහට තමයි කැමැත්ත ලැබුණේ

Q ශෂිනි ඒ ගත්ත තීරණට ගැන අද සතුටු වෙන්න පුළුවන්ද?
මම ගත්ත තීරණය හා තීරණය ගත්ත වෙලාව ගැන මං ගොඩාක් සතුටුයි අපි දෙන්නම අපි දෙන්නගේම දේවල් දියුණු කරන් තමයි මැරිකරන්න තැනට අවේ. මේ වෙද්දි මං මගේ රැකියාවෙන් අයින් වෙලා ඉන්නේ මැරි කළාට පස්සේ දෙන්නා එක තැනක ඉන්න ඕනා කියලා තීරණය කළා. දැන මං හැම වෙලාවකම ධනංජය ලඟ ඉන්නවා ඒක ලොකු හයියක් එයාට

Q කොයිතරම් කාලයක් පෙම්වතුන් වෙලා හිටියද?
අවුරුදු අටක ප්‍රේමයකින් පස්සේ 2013 අගොස්තු 08 තමයි අපි එන්ගේජ් වුණේ විවාහ වෙන්නේ 2014 වසරේ අප්‍රේල් 04 වැනිදා

Q ඒ ආදරේ ඒ විදියටම අදත් තියෙනවා?
එයා මාව ගොඩාක් තේරුම් අරන් මං වෙනුවෙන් ගොඩක් දේවල් කරන කෙනෙක් මං වෙනුවෙන් කැප වෙනවා ඉතින් මං බලාපොරොත්තු වුණ ආදරේ ඒ විදියම ලැබෙනවා මෙයාව හම්බවෙන්න කලින් මේ වගේ කෙනෙක් මට ඕනි කියලා හිතුවේ නැති වුණාට ආදරේ කරන්න ගත්තට පස්සේ එයාගේන්ම තමයි මං ඒ දේවල් ඉගෙන ගත්තේ.

ධනංජයගේ රසිකාවියෝ එයාව වට කර ගනිද්දි ඔයාට ඉරිසියාවක් හිතෙන්නේ නැද්ද?
එයාගේ රසිකයෝ එක්ක එහෙම ඉන්නවට කැමතිය එයාට වැදගත් විදිහට කරන ආදරේ කරන අයට මං ගොඩාක් කැමතියි. ඒ අතරේ කරදරයක් වෙන වැඩ කරන අයත් ඉන්නවා ඒවා වැඩිය හිතන්නේ නෑ මොකද විශ්වාසය වැදගත් නැහැ කියලා මං හිතනවා වැඩිපුරම ගෑනු ළමයි තමයි මෙයාට ආදරේ කරන අය අතරේ ඉන්නේ. බඳින්න කලින්නම් පොඩි ඉරිසියාවක් තිබුණා එයා ගෑනු ළමයි එක්ක රඟපානකොට එහෙම වැඩිය හිතුණා දැන් දන්නවා ගොඩක් මේ දේවල් වෙන විදිහ ඒ හින්දා දැන් එහෙම නෑ

Q ඉදිරියේදී මොනවගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ?
බලාපොරොත්තුවක් තියෙනවා ඒ වගේම තව පොඩි පොඩි බලාපොරොත්තු තියෙනවා හැමදේම හොඳින් කරගෙන ජීවත්වෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x