Citizen.lk
 
 

ජනපති, අගමැති සමඟින් විශේෂ සාකච්ඡාවෙන් පසු රවී අද ඉල්ලා අස්වෙයි ?

ජනපති, අගමැති සමඟින් විශේෂ සාකච්ඡාවෙන් පසු රවී අද ඉල්ලා අස්වෙයි ? | Ravi K Special Meeting With PM & President
Thu 10 August 2017 8:49 am
1,796 views

ඊයේ (09) පැවති කැබිනට් රැස්වීම සඳහා අමාත්‍ය රවී කරුණානායක සහභාගී නොවී තිබෙනවා. එමෙන්ම ඊයේ ජනපති හා අගමැති සමඟින් රවී කරුණානායක මහතා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

පැයකට ආසන්න කාලයක් මෙම විශේෂ හමුව පවත්වා ඇති අතර කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් දෙපළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මෙම සාකච්ඡා පවත්වා තිබෙනවා.

විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා එම ධූරයෙන් ඉවත් කරන්නැයි නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරු පිරිසක් ද ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ අතර ඊයේ (9) පැවති සාකච්ඡාවලින් අනතුරුව රවී කරුණානායක මහතා අද බොහෝ දුරට සිය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි රජයේ අභ්‍යන්තාර ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x