Citizen.lk
 
 
OPPO

ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප්‍රශ්නයක් නොවන බවට තවත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය වරයෙක්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප්‍රශ්නයක් නොවන බවට තවත් ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය වරයෙක්ගෙන් ප්‍රකාශයක් | wijedasa
Thu 10 August 2017 9:53 am
30,969 views

 

හම්බන්තොට වරායේ අයිතිය නැවත ජනතාවට ලබාදී මිසක් නොනවතින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
හම්බන්තොට වරාය මහජන දේපළක් බවත් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


ඉරිදා පුවත්පතක් හා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, කොළඹ වරායට එන නැව්වලින් සියයට 89ක්ම ප‍්‍රතිඅපනයනයට එන නැව් බවත් හම්බන්තොට වරාය දියුණු කළ පසු මුහුදු සැතපුම් 400ක් පසුකර එම නැව් කොළඹ වරායට නොඑන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.


ඒ අනුව හම්බන්තාට බදු ගත් චීන සමාගම පොහොසත් වී කොළඹ වරාය පිහිනුම් තටාකයක් බවට පත්වනු ඇතැයි ද ඔහු පැවැසුවා. ඉතිහාසය පුරාම දුෂණයට විරුද්ධව සටන් කළ තමා ඒ මගින් රුපියල් බිලියන දාහකට වඩා ජනතාවට යළි අත්පත් කර දුන් බව කී ඇමැතිවරයා ශ්‍රී ලංගම, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, ලිට්රෝ ගෑස් සමාගම ආදී ජනතාව සතු සම්පත් යළිත් ජනතාවටම දිනා දීමට තමාට හැකි වූ බව ද කියා සිටියා.


දුෂණයට එරෙහිව සටන් කිරීමේ දී ආණ්ඩුව තුළ සිටීම හෝ නොසිටීම තමාට ප‍්‍රශ්නයක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ravi Karunanayake Parliament Speech Before Resign | රවී කරුණානායක ඉල්ලා අස්වෙමින් පාර්ලිමේන්තුවේදී කළ කථාව

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News