Citizen.lk
 
 
OPPO

ආණ්ඩුවේ තවත් ප්‍රභල ඇමතිවරයෙකුට රතු එළියක් - පක්ෂයේ පිරිසකගෙන්ම දැඩි විරෝධයක්

ආණ්ඩුවේ තවත් ප්‍රභල ඇමතිවරයෙකුට රතු එළියක් - පක්ෂයේ පිරිසකගෙන්ම දැඩි විරෝධයක් | Wijedasa Rajapaksa no faith motion
Fri 11 August 2017 8:35 am
1,577 views

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා. මේ සඳහා මූලිකත්වය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන්ම බව දැනගන්නට ලැබෙනවා.

මේ වන විටත් විශ්වාස භංග යෝජනාව සකස් කර අවසන් බවත්, ඊට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

නොබෝ දිනකින් මෙම යෝජනාව කථානායකවරයාට භාර දීමට සූදානම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. එමෙන්ම ඊයේ (10) දිනයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා හමුවීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගොස් තිබෙන අතර ඒ විජේදාස ඇමතිවරයා සම්බන්ධයෙන් වන විශ්වාසභංගය සඳහා සාකච්ඡාවක් වෙනුවෙන් බවයි ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටින්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chamari Atapattu Batting Skill | එංගලන්තේ ගිහින් වැඩ පෙන්වන අපේ චමරි අතපත්තු

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News