Citizen.lk
 
Citizen News Line
 

පාසල් වියේදී මග හැරුන විශ්වවිද්‍යාල සිහිනිය 91 වන වියේදී උපාධියක් ලබා ගෙන සැබෑ කරගත් අපූරු මිත්තණිය

පාසල් වියේදී මග හැරුන විශ්වවිද්‍යාල සිහිනිය 91 වන වියේදී උපාධියක් ලබා ගෙන සැබෑ කරගත් අපූරු මිත්තණිය   | Thai granny completes university degree at 91
Fri 11 August 2017 8:45 am
2,135 views

"ඉගෙනීමට කිසිදා ප්‍රමාද නැහැ" යි පවසමින් සිය 91 වෙනි වියේදී විශ්ව විද්‍යාල උපාධියක් සම්පුර්ණ කළ මිත්තණියක් පිළිබඳව තායිලන්තයෙන් වාර්තා වේ.ඇය එම කඩඉම පසුකරන්නට අවුරුදු 10 ක් ගත කළාය.තුරුණු වියේදී විශ්ව විද්‍යාලයකට ඇතුළුවීමේ සිහිනය තුරුළුකරගෙන සිටි කිම්ලං ජිනගුන් නම් වූ ඇයට ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි.

නමුත් බොහෝ කාලය ගෙවී යද්දී තමන්ගේම දරුවන් ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කරද්දී ඇය තීරණ කළේ එතෙක් කල් තුරුළු කරගෙන සිටි සිහිනය සැබෑවක් කරගන්නටය. ඒ අනුව කළ කැපකිරීමේ ප්‍රතිඵලය බදාදා (අගෝස්තු 09) උදා කරගත්තීය.

උතුරු තායිලන්තයේ ලම්පං පළාතේ උපන් කිම්ලං දක්ෂ සිසුවියක වූ අතර ඉගෙනුම ලැබුවේද එම පළාතේ වූ හොඳ ම පාසලකය.
නමුත් ඒ අවධියේදී විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට හැකියාවක් නොවූ අතර සිය පවුල බැංකොක් අගනුවරට පදිංචියට යාමෙන් පසු විවාහ වීම මත වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ සිහිනය අත්හැර දැමීමට ඇයට සිදුවුවාය.

"එය මාතුළ හැමදාම තිබුනත්, මට ඕනවුනේ මගේ දරුවන්ට ඉගෙනීමේ අවස්ථාව සලසාදෙන්නයි. ඒ නිසා විශ්ව විද්‍යාලයට යන්නට ඔවුන්ට ඕනෑ වූ විට මා ඔවුන්ට ධෛර්යය දෙමින් ඊට සහය දුන්නා." යැයි ඇය කියා සිටියාය.

සිය දරු පස්දෙනාගෙන් සිව්දෙනෙකු ම ශාස්ත්‍රපති උපාධි ලැබූ අතර ඉන් එක් අයෙකු ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා එක්සත් ජනපදයට ද පිටත් විණි. අවසානයේදී දරුවන්ගේ ශාස්ත්‍රීය අත්දැකීම් ඇයට ද විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා යොමුවීමට මග පෑදීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Saturn Transit - 2016/10/26 Astrological Discussion With Dr. Sampath Sudarshana | ඔක්තෝම්බර් 26වනදා සිදුවන සෙනසුරු වෘෂ්චික රාශියෙන් ධනු රාශිගතවීම ඔබේ ලග්නයට බලපාන්නේ මෙහෙමයි - වීඩියෝ
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x