Citizen.lk
 
 

පරිගණකය වසා දමා සාක්ෂි ලබා දෙන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගෙන් පර්පචුවල් ‍ විධායකට තරයේ අවවාද

පරිගණකය වසා දමා සාක්ෂි ලබා දෙන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ගෙන් පර්පචුවල් ‍ විධායකට තරයේ අවවාද | perpertual
Fri 11 August 2017 12:02 pm
4,395 views

 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (11) තුන්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා.

ඒ සඳහා ඔහු ලැප්ටොප් පරිගණකයක් උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සිය විරෝධය පළ කර ඇත.

නීතිඥවරයා සකසා දුන් පිටපතක් අනුව ඔහු සාක්ෂි ලබා දෙන බව සාක්ෂිකරු අසලට පැමිණ පරිගණකය පරික්ෂා කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පරිගණකය වසා දමා සාක්ෂි ලබා දෙන ලෙස කොමිසම එම අවස්ථාවේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියාට නියෝග කර ඇත.

මේ අතර, පර්පචුවල් සමාගම් සමූහය මඟින් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් නැමැති මධ්‍යසාර නිෂ්පාදන සමාගම මිලදී ගත් ආකාරය ඇතුළු තොරතුරු ලබන බදාදා කොමිසමට ලබා දෙන ලෙසට මහ බැංකු බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (10) සිතාසි නිකුත් කරනු ලැබීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News