Citizen.lk
 
 

මැදියම් රැයේ නිවසින් පිට ගොස් සෙල්ෆි ඡායාරූප දමා ඇමතිගේ ප්‍රකාශයට විරෝධය පළ කරන ඉන්දීය තරුණියන්

මැදියම් රැයේ නිවසින් පිට ගොස් සෙල්ෆි ඡායාරූප දමා ඇමතිගේ ප්‍රකාශයට විරෝධය පළ කරන ඉන්දීය තරුණියන්   |  Woman who sparked viral twitter campaign by Indian women
Fri 11 August 2017 3:01 pm
2,648 views

නිවසින් පිටත ගොස් රාත්‍රිය සතුටින් ගත කරන ආකාරය දැක්වෙන ඡායාරූප ඉන්දීය තරුණියෝ සිය සමාජ ජාල ගිණුම් තුළ පළ කරමින් සිටිති.ඉන්දීය තරුණියන් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුව ඇත්තේ පුරුෂයන් දෙදෙනකු විසින් ලුහුබැඳීමට ලක් වූ තරුණියක් "එතරම් රෑ වී නිවසින් බැහැරව නොයා යුතුව තිබූ බව" පවසමින් දේශපාලනඥයෙකු කළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙනි.

උතුරු දිග ඉන්දියාවේ චන්දිගර් නගරයේ DJ සංගීත ශිල්පිනියක් ලෙස කටයුතු කරන වර්නිකා කුන්ඩු පසුගිය සිකුරාදා රාත්‍රියේ නිවස බලා එමින් සිටියදී පුරුෂයන් දෙදෙනෙකුගේ ලුහුබැඳීමකට ලක්ව තිබේ.

එම පුරුෂයන් දෙදෙනා අතර පාලක භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ පුතෙකු ද සිටි බවට එම තරුණිය ප්‍රකාශ කර තිබෙනවා එහ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ඉන්දීය ඇමති වරයා පවසා ඇත්තේ එම තරුණියට එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූයේ ඇයගේ වරදින් බවයි. ඉන්දීය තරුණියන් එතුමන්ගේ මෙම ප්‍රකාශය මුල් කරගෙන රාත්‍රී කාලයේ නිවසින් පිට සිටිය හැකි බව පෙන්වීමට සිදු කරන ක්‍රියාවක් බව වැඩි දුරටත් සඳහන් වන්නේය

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News