Citizen.lk
 
 

උසේන් බෝල්ට්ට තවත් පරාජයක් - නොසිතූ ලෙස ඇදගෙන වැටී රෝද පුටුවක් ආධාරයෙන් පිටියෙන් ඉවත් වෙයි - වීඩියෝ

උසේන් බෝල්ට්ට තවත් පරාජයක් - නොසිතූ ලෙස ඇදගෙන වැටී රෝද පුටුවක් ආධාරයෙන් පිටියෙන් ඉවත් වෙයි - වීඩියෝ | Usain Bolt collapses in final race team doctor says it was a cramp, but he'll have MRI Sunday
Sun 13 August 2017 9:35 am
23,080 views

මේ දිනවල ලන්ඩනයේ පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගය ඊයේ (12) පැවැත්වුණා. ලෝකශූර උසේන් බෝල්ට් ප්‍රමුඛ ජැමෙයිකා කණ්ඩායම මේ සඳහා සහභාගී වී සිටියා.

කෙසේ නමුත් සිය අවසන් ජාත්‍යන්තර මළල ක්‍රීඩා ඉසව්වට සහභාගි වූ උසේන් බෝල්ට් මීටර් 60 ක් පමණ ධාවනයේ යෙදී සිටියදී පාදයේ ආබාධයකට ලක්ව මෙහිදී පිටියෙන් ඉවත්ව ගොස් තිබෙනවා. රෝද පුටුවක් ආධාරයෙන් ඔහුව රැගෙන ගොස් තිබූ අතර මීට පෙර පැවති මීටර් 100 තරඟයෙන්ද ඔහුට හිමිවූයේ ලෝකඩ පදක්කමයි.

සිය මළල ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර ඇති බෝල්ට් මේ සහභාගී වන්නේ ඔහුගේ දිවියේ අවසන් තරඟ උසව් කිහිපයට වන අතර එහිදී ඔහුට නොසිතූ අකරතැබ්බයන් කිහිපයක්ම සිදුවීම මේ වන විට කාගෙත් අවධානයට යොමුව තිබෙනවා.

උසේන් බෝල්ට් පිට පිට ඔලිම්පික් උළෙල තුනකදී මීටර් 100, 200 සහ මීටර් 100 සහය දිවීමේ රන් පදක්කම් ජයග්‍රහණය කළ ලොව එකම මළල ක්‍රීඩකයායි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x