Citizen.lk
 
 

Vitawell නවතම ශාඛාව ජාඇලදී විවෘත කෙරේ

Vitawell නවතම ශාඛාව ජාඇලදී විවෘත කෙරේ | Vitawell Open K zone Ja ela
Fri 29 September 2017 9:10 am
577 views

මෙරට පෝෂණ හා සුවතා නිෂ්පාදන අලෙවියේ ප‍්‍රමුඛයා වන Vitawell සිය තුන්වැනි ශාඛාව ජාඇල K-Zone හිදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

පෝෂණය හා ශරීර සුවතාව සම්බන්ධ ජාත්‍යන්තර සන්නාම වලට අයත් නිෂ්පාදන එකම වහලක් යටදී මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා 2015 වසරේදී මුලින්ම Vitawell දියත් කරන ලදි. එබඳු නිෂ්පාදන නිපදවන ජාත්‍යන්තර සන්නාම රැසක නිල බෙදාහැරීම් සමාගම ලෙස Vitawell කටයුතු කරන අතර එම නිෂ්පාදන Vitawell අලෙවිසල් වෙතින් ලබාගත හැකි වේ. මේ ආකාරයට තෝරාගත්, විශිෂ්ටතම සන්නාම වලට අයත් නිෂ්පාදන පමණක් අලෙවි කිරීම මගින් උසස් ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන වගකීම්සහගත ලෙස පාරිභෝගිකයන්ට ලබාදීමට තමන්ට හැකිවී ඇති බව Vitawell හි කළමනාකාර අධ්‍යක්ෂිකා රෝෂිනී ගලප්පත්ති මහත්මිය පැවසුවා ය.

ළදරු පෝෂණය, ක‍්‍රීඩා පෝෂණය, බර පාලනය, රූපාලංකරණය, දෛනික පෝෂණයට අවශ්‍ය විශේෂ සංයෝග, සෞඛ්‍ය වඩවන ආහාර ඇතුළු විවිධ කාණ්ඩවලට අයත් නිෂ්පාදන නිපදවන ජාත්‍යන්තර සන්නාම 9 කට අධික සංඛ්‍යාවක නිෂ්පාදන සඳහා නිල බෙදාහැරීම් සමාගම ලෙස Vitawell කටයුතු කරයි.

‘‘අප සෑම විටම විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් ලබාදීමටත් කටයුතු කරනවා. සුදසුකම් සපිරූ පෝෂණවේදීන් හා ඖෂධවේදීන් අපගේ කණ්ඩායමේ සිටින නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ලබාදීමේ හැකියාව අප සතුයි.” රෝෂිනී ගලප්පත්ති මහත්මිය පැවසුවා ය.

ජාඇල K-Zone හි පිහිටි නව අලෙවිසැල තුළදී ඕස්ට්‍රේලියාවේ අංක එකේ සන්නාමය වන ‘Kids Smart Vita Gummies’ මගින් නිපදවන ගමී විටමින් වර්ග ඇතුළුව ඕනෑම වයස් කාණ්ඩයක පසුවන කෙනෙකුට ගැළපෙන විටමින් සහ පෝෂණ අතිරේකයන්, Triple strength fish oil, Krill සහ Calamari oil වර්ගවල සිට දරුවන්ගේ ඉගෙනුම් හැකියාවන් වඩවන විශේෂ සංයෝග දක්වා ඔමේගා ඔයිල් වර්ග වැනි නිෂ්පාදන රාශියක් මිලදීගත හැකි වේ. එමෙන්ම ආතතිය දුරලන බහු-විටමින් නිෂ්පාදන, විටමින් A සිට K දක්වා විටමින් වර්ග, රූපලාවණ්‍යය වඩවන විටමින් වර්ග, ප‍්‍රීබයෝටික්ස් සහ ප්‍රෝබයෝටික්ස්, සන්ධි වලට ගුණ දෙන විශේෂ සංයෝග, සුපර්ෆුඞ්ස් වර්ග, ප‍්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල, ඛනිජ ලවණ‘SlimRight’ වැනි සන්නාම යටතේ එන, ඝන ආහාර වෙනුවට ලබාගත හැකි ආහාරමය නිෂ්පාදන (Meal replacements)" , සහ අනෙකුත් බර පාලනය කිරීමේ නිෂ්පාදන වැනි නිෂ්පාදන වර්ග රාශියක් Vitawell වෙතින් මිලදීගත හැක. එමෙන්ම අක්මාව සහ පුරස්ථි ග‍්‍රන්ථිය වැනි ඉන්ද්‍රියන්ගේ සෞඛ්‍යය වඩවන ස්වාභාවික ශාකමය සංයෝග, දියවැඩියා රෝගීන්ට හිතකර පෝෂණ සංයෝග, හිසකෙස්, සම සහ නියපොතු නිරෝගී කරන සංයෝග, බයෝටින් සහ ආර්තවහරණයේදී සුදසු අතිරේකයන් වැනි නිෂ්පාදන රාශියක්ද මින් මිලදීගත හැකි වේ.

ජාත්‍යන්තර තලයේ විශිෂ්ටතම සහ උසස්ම ප‍්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ශ‍්‍රී ලාංකිකයන්ට සමීප කරවීම Vitawell හි ප‍්‍රධානතම අරමුණයි. නවසීලන්ත සන්නාමයක් වන ‘Balance Sports Nutrition’ යටතේ එන, ක‍්‍රීඩකයන්ගේ පෝෂණය සඳහා වැදගත් වන නිෂ්පාදන රැසක්ද Vitawell අලෙවිසැල් වෙතින් මිලදීගත හැකි අතර එම නිෂ්පාදන ලෝක තහනම් උත්තේජක මැඩලීමේ අධිකාරිය (World Anti-Doping Authority-WADA) මගින්ද සහතික කර ඇත.

ඕස්ට්‍රේලියාවේ PharmaCare Laboratories වෙතින් එන Nature’s Way, Naturopathica, Promensil සහ SkinDoctors සන්නාම වලට අයත් නිෂ්පාදන, ඕස්ට්‍රේලියාවේ Vitaco හි Balance ක‍්‍රීඩා පෝෂණ සන්නාමය යටතේ එන නිෂ්පාදන, එරට Lifetime Health සන්නාමය යටතේ එන නිෂ්පාදන, ඇමරිකා එක්සත් ජනපදයේ Futurebiotics, Bronson Labs සහ Crystal Tomato නිෂ්පාදන මෙන්ම එක්සත් රාජධානියේ Oxford BioLabs හි නිෂ්පාදන සඳහා මෙරට නිල බෙදාහරින්නා ලෙස Vitawell කටයුතු කරයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News