Citizen.lk
 
 

අන්තර්ජාල ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩ ගස්වන හැටි

අන්තර්ජාල ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැඩ ගස්වන හැටි | How Internet Businesses Shape the SL economy
Tue 03 October 2017 10:18 am
573 views

ඔබට ගමනක් යාමට අවශ්‍ය ද? එසේ නම් PickMe වෙතින් වාහනයක් ගෙන්වා ගන්න. බඩගිනි ද? quickee.lk වෙතින් කෑමට යමක් ඇණවුම් කරන්න. රැකියාවක් අවශ්‍ය ද? එසේ නම් ඔබේ රැකියා සොයා දෙන මිතුරා වන everjobs.lk වෙත පිවිසෙන්න. සාම්ප්‍රදායට පිට යමින් එදිනෙදා කටයුතු නව පන්නයට ලෙහෙසියෙන් හා පහසුවෙන් අඩු මිලට සිදුකල හැකි මෙවැනි සේවා සපයන අන්තර්ජාල ව්‍යාපාර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් ඉදිරියට තල්ලු කරමින් ඇත.

දැනට 30% ප්‍රතිශතයක ඇති රටේ අන්තර්ජාල භාවිතය ඉදිරි අනාගතයේ දී මීට ඉතා ඉහල අගයකට ළඟා වනු ඇති බවට අපේක්ෂා කෙරේ. මේ හේතුවෙන් තාක්ෂණික දැනුම ඇති නව ව්‍යවසායකයන් ශ්‍රී ලංකාව තුල වැඩි වැඩියෙන් ආයෝජනය කරනු ඇති බවට අනුමාන කෙරී ඇත. Everjobs.lk හි කළමනාකාර අධ්‍යක්ෂක Rushabh Sheth මහතා පවසන අන්දමට, “අතීතයේ මෙන් රැකියාවක් සඳහා තම සුදසුකම් පත්‍රය තැපෑලෙන් යැවූ කාලය දැන් අවසන්. ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් everjobs.lk වෙබ් අඩවිය වෙත පිවිස රැකියා දහස් ගණනක් අතරින් කැමති ඕනෑම රැකියා ගණනකට ඉල්ලුම් කිරීමේ හැකියාව දැන් උදා වී ඇත.”

ලංකාවේ නව අන්තර්ජාල ව්‍යාපාර සඳහා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධිකාරිය (ICTA) වැනි රාජ්‍ය ආයතනවලින් ඉතා ඉහල සහයෝගයක් හිමි වේ. මේ හරහා නව අන්තර්ජාල ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් ඇත. විශේෂයෙන් ICTA මගින් ක්‍රියාත්මක කෙරෙන Spiralation අරමුදල් සැපයීමේ වැඩසටහන ඔස්සේ නව ව්‍යාපාර වෙත ඇමරිකානු ඩොලර් 5000 කට අධික අරමුදල් සැපයීමත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශේෂඥයින් ලවා පුහුණුව ලබා දීමත් සිදු කරනු ලැබේ. මිට අමතරව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS), වාර්ෂිකව BMICH හි පවත්වන සිය INFOTEL ප්‍රදර්ශනය හරහා නව අන්තර්ජාල සමාගම් හට සිය භාණ්ඩ හා සේවා ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව උදා කර දී ඇත.

ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) මෑත දී ‘Startup Sri Lanka’ නම් වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර, ඒ හරහා වර්ෂ 2020 වන විට ලංකාව තුල අන්තර්ජාලය මුල් කරගත් සමාගම් 1000ක් අරම්භ කිරීමට අරමුණු කර ඇත. 2015 දී SLASSCOM සංගමය විසින් රට තුල ඉහල බලාපොරොත්තු පෙන්වා ඇති අන්තර්ජාල සමාගම් 215ක් මුල්කර ගනිමින් සමීක්ෂණයක් පවත්වන ලදි. එහි දී අන්තර්ජාල ක්ෂේත්‍රයේ ආයතන හට ඇති විශාලම බාධක ලෙස, මිල අඩු වාණිජ දේපළ සොයා ගැනීම අපහසු වීම, අන්තර්ජාල මුදල් හුවමාරු පහසුකම් වල හිඟය, ප්‍රාග්ධනය නොමැති වීම හා මිල අධික අන්තර්ජාල සම්බන්ධතා යන සාධක සොයා ගෙන ඇත. මින් මුදල් හුවමාරුවට ඇති බාධා අඩු කිරීම සඳහා රටේ ඇති බැංකු කිහිපයක්, නව පිළියම් සකස් කරමින් ඇත.

ශ්‍රී ලංකාවේ සෑම රැකියා 10කින් 8ක්ම පෞද්ගලික අංශයේ රැකියා වන නිසා, අන්තර්ජාල ව්‍යාපාර වෙත පහසුකම් සැපයීම රටේ ආර්ථිකයට ඍජු දායකත්වයක් ලබා දීමට හේතු වන කාරණයකි. සිංගප්පූරුව, බැංකොක්, බෙයිජිං හෝ හොෂි මින් වැනි නගර අන්තර්ජාල ව්‍යාපාර ආරම්භ කිරීමට ආකර්ෂණීය ස්ථාන ලෙස ප්‍රසිද්ධියක් ලැබුවත්, ලංකාවේ කොළඹ නගරය තවමත් ඉතා පසුගාමී මට්ටමක ඇත. එනමුත්, SLASSCOM විසින් සිදු කල සමීක්ෂණයට අනුව, 50% කට වැඩි සමාගම් සංඛ්‍යාවකට සුදසුකම් සහිත පිරිස් බඳවා ගැනීමේ කිසිදු අපහසුතාවක් නොමැති වීම, මෙම පසුබෑම දක්ෂතා සහිත පිරිස් අඩු කම නිසා සිදු වූවක් නොවන බව සනාථ වේ. එම නිසා මින් තහවුරු වන්නේ සිංගප්පූරුව හෝ හොංකොං වැනි නගර සමග දීර්ඝ කාලීනව තරඟ කිරීමට නම් ශ්‍රී ලංකාවේ පවතින මූල්‍යමය, නීතිමය හා ව්‍යුහාත්මක බාධාවන් ඉවත් කිරීමට කටයුතු කල යුතු බවකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News