Citizen.lk
 
 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන්නේ ඇයි?

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අද රෝස පන්දුවෙන් ක්‍රීඩා කරන්නේ ඇයි? | pinkball
Fri 06 October 2017 8:50 am
7,334 views

 

ලංකාව තම ටෙස්ට් ඉතිහාසයේ සහභාගි වන ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ( 06) ඩුබායිහිදී පැවැත්වීමට නියමිතයි.

එම තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගයයි.

සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා රතු පැහැති පන්දු යොදා ගත්ත ද දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරඟ සඳහා භාවිත කරනු ලබන්නේ රෝස පැහැති පන්දුය. ඊට හේතුව රාත්‍රි කාලයේ රතු පන්දුව නිසි ලෙස දර්ශනය නොවීමයි.

ඒ සඳහා සුදු පැහැති පන්දු යොදා ගනු නොලබන්නේ ටෙස්ට් ක්‍රීඩකයන්ගේ ඇඳුම ද සුදු පැහැති වන බැවිනි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමේ අරමුණින් දිවා රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරග හඳුන්වා දුන් අතර 2015 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාවේ පැවැත්විණි.

ශ්‍රී ලංකාව දැන් සහභාගි වන්නේ ලෝකයේ 6 වැනි දිවා රාත්‍රි ටෙස්ට් තරගයට වන අතර පාකිස්තානය පසුගිය වසරේ සිය ප්‍රථම දිවා රාත්‍රි ටෙස්ට් තරගයට සහභාගී විය. ඩුබායිහිදීම පැවති එම තරගයෙන් පාකිස්තානය ලකුණු 56 ජයක් ලැබීය.

ශ්‍රී ලංකාවේ පළමු දිවා රාත්‍රි රෝස පන්දු පුහුණු සැසියෙන් අනතුරුව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද කියා සිටියේ වේග පන්දු යවන්නට වැඩි වාසියක් ඇති ආකාරයක් එහි පෙනෙන්නට තිබෙන බවයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ද ඊට සමාන අදහසක් පළ කරමින් කියා සිටියේ රෝස පැහැති පන්දුව වේග පන්දු යවන්නට වාසි දායක වනු ඇති පෙනෙන්නට ඇති බවයි.


ඩුබායිහිදී පැවැත්වීමට නියමිත දිවා රාත්‍රි ටෙස්ට් තරගය එරට වේලාවෙන් සවස 03.00 ආරම්භ වන අතර රාත්‍රි ආහාර විවේකය පස්වරු 05.00 ලබාගැනීමට නියමිතයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x