Citizen.lk
 
 

අත් අඩංගුවට ගත් නාමල් රාජපක්ෂගේ හිටපු ලේකම්වරියට ඇප - Update

අත් අඩංගුවට ගත් නාමල් රාජපක්ෂගේ හිටපු ලේකම්වරියට ඇප - Update | namal
Tue 10 October 2017 12:52 pm
14,476 views

 

 

Update

අධිකරණය මඟ හැර විදේශ ගත වී සිටි අත්අඩංගුවට ගනු ලැබු ඉරේෂා ද සිල්වා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද නියම කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ පහක මුදල් සහ ලක්ෂ 50 ක් වටිනා ශරීර ඇප මත මුදා හැරිමටයි නියෝග කෙරුණේ විත්තිකාරියට ඇප දිම සම්බන්ධයෙන් නිතිපතිවරයා විරුද්ධත්වයක් නොදැක්වීම ඊට හේතුවයි.

නඩුව විභාගය පෙබරවාරි 16 වැනි දා පැවැත්වීමට නියමිතයි.

.......................


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අයථා ලෙස උපයාගත් යැයි කියන රුපියල් මිලියන 30ක මුදලක් සීමාසහිත ගවර්ස් කොපරේෂන් සර්විසස් පුද්ගලක සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධි කිරීමේ චෝදනාවට ලක්ව සැකකාරියකව සිටි ඔහුගේ සුරූපී ලේකම්වරිය වන බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන නිලධාරීන්ගේ දැනුම් දීම මත අත් අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තු ප්‍රකාශ කළා.

ඇය අලුයම 5.07 ට පමණ අබුඩාබි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ආගමන - විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණ සිටියදී , ඇය පිළිබඳව වරෙන්තු ඇති බැව් එම දෙපාර්තමේන්තු පරිගණක වල පෙන්නුම් කිරීමත් සමග මෙම අත් අඩංගුවට ගැනීම සිදු වී තිබෙනවා .

මෙම අත් අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් , මූල්‍ය අපරාධ කොට්ඨාස දෙපාර්තමේන්තු (F.C.I.D) නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර පොලිසියේ (Interpol) නිලධාරීන් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර , ඒ අතරින් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බව ආගමන - විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා .

මෙම කාන්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවසෙන "ගවර්ස්" නැමති සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කිරීමේ දී සිදු වී ඇතැයි පැවසෙන මූල්‍ය වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව මෙම සමාගමට මෙන්ම, මෙම කාන්තාවටද චෝදනා එල්ල වී තිබෙනවා.


ඇයට එරෙහිව රතු නිවේදනයක් නිකුත්කර තිබූ අතර අදාළ චෝදනාව සම්බන්ධ නඩුව ( HC 129/ 17) අද (10) අංක 7 මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි.

ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, චන්ද්‍රසේකර පවිත්‍රිකා සුජානි බෝගොල්ලාගම, බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා, නිත්‍යා සේනානි සමරණායක හා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගම ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව මෙම නඩු පවරා තිබේ.

අබුඩාබිහිදී අත්අඩංගුවට පත් බටපොළ ආරච්චිගේ ඔරනෙලා ඉරේෂා සිල්වා සීමාසහිත ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමේ කොටස් කාරියක්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් මෙන්ම එම සමාගමේ ලේකම්වරියද වේ.

කෙසේවුවද, අදාළ සමාගමට අයථා ලෙස උපයාගත් මුදල් යෙදවීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නඩු ගණනාවක්ම මේවන විට අධිකරණයේ විභාගවෙමින් පවතී.


ඔනෙලාව මෙසේ අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම අනුව ජාත්‍යන්තර පොලිසිය නිකුත්කරන ලද රතු නිවේදනයකට අනුවය.

දූෂණ චෝදනා එල්ලවී පසුව රටෙන් පැනගොස් සැඟව සිටින කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලිම අනුව ඉදිරියේදී එම රටවලින් ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බව පැවසේ.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x