Citizen.lk
 
 

වවුනියාව පාසලකින් හමු වු අධි බලැති බෝම්බය අධිකරන නියොගයකින් අද පුපුරවා හරී - Photos

වවුනියාව පාසලකින් හමු වු අධි බලැති බෝම්බය අධිකරන නියොගයකින් අද පුපුරවා හරී - Photos | vawniya
Tue 10 October 2017 12:32 pm
4,972 views

 

වවුනියාව නෙඩුන්කේනි මහා විද්‍යාල භූමියේ ඉදිරිපස මිදුලෙහි යුද සමයේදී වළදමා තිබූ අධිබලැති බිම් බෝම්බයක් ඊයේ (09දා) දහවල් සොයා ගෙන තිබෙනවා.


විද්‍යාලයේ ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් පොළව කැණීම් කරන අවස්ථාවේදී මෙම බෝම්බය පාසලේ දරුවන් දැක ඇති අතර අනතුරුව විදුහල්පතිවරයාව දැනුවත් කර තිබෙනවා. පසුව ක්‍රියාත්මක වු විදුහල්පති වරයා වහාම පොලීසිය දැනුවත් කරීමට පියවර ගෙන තිබෙනවා.



වහාම දරුවන් අදාළ ස්ථානයෙන් ඉවත්කර, පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම නිසා සිදුවීමට ගිය විනාශයක් මැඬපැවැත්වීමට හැකිවූ බව පොලීසිය සඳහන් කරයි.

අදාළ බිම්බෝම්බය අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අද (10දා) දිනයේ විද්‍යාලයෙන් දරුවන් ඉවත්කර බෝම්බය ගොඩගෙන විනාශ කිරීමටද පියවර ගෙන තිබුණා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x