Citizen.lk
 
 

හම්බන්තොට දී පොලීසිය එල්ල කල ජල ප්‍රහාරයේ රසායනික ද්‍රව්‍යක් මිශ්‍ර කරලා - දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිගෙන් චෝදනාවක්

හම්බන්තොට දී පොලීසිය එල්ල කල ජල ප්‍රහාරයේ රසායනික ද්‍රව්‍යක් මිශ්‍ර කරලා - දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිගෙන් චෝදනාවක් | hambanthotav
Tue 10 October 2017 1:48 pm
3,189 views

 

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට රජය තීරණය කර ඇති බව පවසමින් හම්බන්තොට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ආසන්නයේ පැවති උද්ඝෝෂණය අතරතුර පොලීසිය එල්ල කල ජල ප්‍රහාරයට සහ කඳුළු ගෑස් ප්‍රහාරයට අදාළව කිසියම් රසායනික ද්‍රව්‍යක් ජලයට මිශ්‍ර කර එල්ල කල බව දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල මහතා පවසනවා.

පළාත් සභා රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය සභාපතිවරයා

“ඔය ගහපු ජල ප්‍රහාරයට සහ කඳුළු ගෑස්වලට මිශ්‍ර කරලා තමයි රසායනික ද්‍රව්‍යය ගැහුවේ. ඔය ප්‍රහාරය එල්ල කර අවස්ථාවේ හිටපු ගොඩක් අයට හුස්ම ගන්න බැරි වුණා. කැස්ස වමනය හැදිලා තියනවා.

මේ ආණ්ඩුව ත්‍රස්තවාදීන්ට සලකන ආකාරයෙන් තමයි උද්ඝෝෂකයන්ටත් ගැහුවේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මාධ්‍යවේදියෙකුට කණ පැලෙන්න ගැහුවා. මේ ජල හා කඳුළු ගෑස්වලට මිශ්‍රකර එල්ල කර විස රසායනික ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x