Citizen.lk
 
 

හදිසි අනතුරක දී රෝගීන් රැගෙන යාමට අළුත් ක්‍රමයක් ගැන රජය කියයි

හදිසි අනතුරක දී රෝගීන්  රැගෙන යාමට අළුත් ක්‍රමයක් ගැන රජය කියයි | guwanin
Tue 10 October 2017 2:41 pm
3,160 views

 

හදිසි අනතුරක දී රෝගීන් රැගෙනයෑම සඳහා ගුවනින් මගින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. එමෙන්ම ලබන වසරේ සිට ඉන්දීය ගිලන් රථ සේවය ද දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (09දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,


“වර්තමානයේ සිදුවන හදිසි අනතුරුවලින් 43%ක් සිදුවන්නේ නිවසේදියි. තවත් 26% ක් මහා මාර්ගයේ සිදුවන අතර, අධ්‍යාපන ආයතනවලදී 2% ක් පමණ හදිසි අනතුරු සිදුවනවා. දළ වශයෙන් හදිසි අනතුරුවලින් වසරකට ශ්‍රී ලාංකිකයින් 10,000 ක් පමණ ජීවිතක්ෂයට පත් වෙනවා. ආබාධිතයින් වෙනවා.


ඉන්දීය රජය විසින් 1990 හදිසි ගිලන්රථ සේවය ලංකාවට හඳුන්වා දුන්නා. බස්නාහිර හා දකුණු පළාත්වල මෙම ගිලන් රථ සේවය ක්‍රියාත්මක වෙනවා. ලබන වසරේ සිට මෙම ගිලන්රථ සේවය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සහයෝගය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. දැනට ඇත්තේ ගිලන්රථ 88 ක්. තව ගිලන්රථ 250 ක් ලබා දෙනවා.


ජර්මනියේ ස්ටයිගර් පදනම විසින් හෙලිකොප්ටර් 24 ක්, ගිලන්රථ 1025 ක් සහ ආපදා රථ 24 ක් ලබාදීමට පොරොන්දු වුණා. නමුත් අපි මූලිකව ලබා ගත්තේ ආපදා රථ සහ හෙලිකොප්ටර් පමණයි. ලංකාවේ දැනට තිබෙන වාහන තදබදය නිසා ඇතැම් අවස්ථාවලදී ගිලන්රථවලටත් මාර්ගයේ යන්න බෑ. එමනිසා අපේ රටේ හදිසි අනතුරු සේවය ගුවනින් හා ගොඩබිමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්”

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x