Citizen.lk
 
 

සයිටම් විරෝධතාවයක් හේතුවෙන් කොළඹ අවට මාර්ග කිහිපයක වාහන තදබදයක්

සයිටම් විරෝධතාවයක් හේතුවෙන් කොළඹ අවට මාර්ග කිහිපයක වාහන තදබදයක් | sitam
Tue 10 October 2017 3:19 pm
169 views

 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට කොළඹ අවට මාර්ග කිහිපයක වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

මාලබේ සයිටම් ආයතනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර සංවිධානය කරන විරෝධතාවය අද (10) කොළඹ පුරහල අසලින් ආරම්භවුණා.

මෙම විරෝධතාවට අදාළව පොලිසිය කළ ඉල්ලීමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොටුව, කොල්ලුපිටිය ආදී පෙදෙස්වල රාජ්‍ය ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ වැඩබලන කැඳවුම්කරු සුසිත ප්‍රියංකර, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන පාර්ශ්වවලට මෙම නියෝගය නිකුත් කළ අතර මහජන පීඩාවක් ඇති නොවන අයුරින් විරෝධතාව සිදුකිරීමට අවසර ඇති බවද අධිකරණය දැනුම් දී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News