Citizen.lk
 

වැඩි ආරක්ෂාවට කිම් ජොන්ග් බාල සහෝදරියට රටේ ඉහළම බලතල ලබා දෙයි

වැඩි ආරක්ෂාවට කිම් ජොන්ග්  බාල සහෝදරියට රටේ ඉහළම බලතල ලබා දෙයි  | Kim Jong Un promotes sister at key North Korea ruling party summit
Tue 10 October 2017 5:01 pm
2,858 views

තම සහෝදරියට වැඩි බලතල ලබා දෙමින් රටේ වැදගත්ම තීරණ ගන්නා බලමණ්ඩලයට ඇය පත් කිරීමට උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් පියවර ගනී.

හිටපු නායක කිම් ජොන්ග් ඉල් ගේ බාලම දියණිය වන කිම් යෝ ජොන්ග් පාලක පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ සාමාජිකත්වයට පත්වන්නේ ඇයගේ නැන්දණිය වෙනුවට ය.
පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වය කිම් යෝ ජොන්ග් ට හිමි වුයේ මීට තුන් වසරකට පෙර ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී උතුරු කොරියාව ස්ථාපිත වූ දා පටන් මේ දක්වා රට පාලනය කරනු ලබන්නේ 'කිම් පවුල' විසිනි.රටේ දේශපාලන තීරණ ගන්නා ඉහළම මණ්ඩලයට උසස් කෙරුණු කිම් යෝ ජොන්ග් ගේ නම එක්සත් ජනපදය විසින් අපලේඛනගත කොට ඇත. ඒ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනා මතය.පක්ෂ රැස්වීමක දී ඇයගේ උසස්වීම නිවේදනය කරනු ලැබ ඇත්තේ නායක කිම් ජොන්ග් උන් විසිනි. එහි උසස් තනතුරු කිහිපයකම වෙනස් කම් සිදුකර තිබේ.

තම සහෝදරිය ඉහළ තනතුරකට පත්කර ගැනීම තුළින් ඉදිරියටත් රටේ පාලනය කිම් පවුල සතු වන බවට අවධාරණය කිරීමක් සිදුවී ඇති බව විශ්ලේෂකයෝ පවසති.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News