Citizen.lk
 
 

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් - Update

පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් - Update | Namal Rajapaksa's arrested
Wed 11 October 2017 8:30 am
1,761 views

 


හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන්නයි හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (10) රාත්‍රී නියෝග කළා.

එමෙන්ම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න ද අදාල සිද්ධිය සම්බන්ධයෙන් ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කෙරුණා.

පස්වරුවේ අත්අඩංගුවට ගත් මොවුන් සියළු දෙනා රාත්‍රී 10ට පමණයි මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කර තිබුණේ.


අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගණසේකර මහතා පැවසුවේ.

මෙම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක් ඇතුළු 28 දෙනෙක් ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රියෙන් තංගල්ල බන්ධනාගාරයට රැගෙන යනු ලැබූහ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News