Citizen.lk
 

කැබිනට් රැස්වීම උණසුම් වෙයි - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඇමැති දයාසිරි ජයසේකර පැටලෙයි - ප්‍රශ්ණෙ විසඳන්න ජනාධිපතිත් මැදිහත්වෙයි

කැබිනට් රැස්වීම උණසුම් වෙයි - ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ ඇමැති දයාසිරි ජයසේකර පැටලෙයි - ප්‍රශ්ණෙ විසඳන්න ජනාධිපතිත් මැදිහත්වෙයි | dya
Wed 11 October 2017 10:26 am
1,649 views

 

මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීම දැඩි උණසුම්කාරී වූ බව වාර්තාවේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා වාදයක පැටලීමත් සමග කැබිනට් රැස්වීම උණසුම්කාරි වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා ප‍්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමැතිවරයා පෙන්වා දී ඇත.

තමා අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නැති බවත් අධිවේගි මාර්ගයෙ කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන බැවින්, කුරුණෑගල සිට මහනුවර දක්වා දැනට ඇතිමාර්ගය පුළුල් කළ හැකි බවත්, දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

ඊට පිළිතුරු දී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය බවත් කවුරුන් විරුද්ධ වුවද එය සිදු කරන බවත් පවසා තිබේ. පසුගිය මහා මැතිවරණයේදි ශ්‍රීලනිපය පරාජය වූ බව පවසා ඇති කිරිඇල්ල මහතා එසේ තිබියදී ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරන බවට චෝදනා කර ඇත.

කිරිඇල්ල ඇමැතිවරයාගේ එම චෝදනාවට මහින්ද අමරවීර ඇමැතිවරයා පිළිතුරු දී ඇති අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දිය නොහැකි නම් ආණ්ඩුවේ සිටීමෙන් පලක් නැතැයි ඔහු පවසා තිබේ.

එසේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව යාම සුදසු බවද අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි වාර්තාවේ. දයාසිරි ජයසේකර ඇමැතිවරයාට සහාය පළ කරමින් මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ද අදහස් දක්වා ඇති අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ සහායට කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන් අදහස් දක්වා ඇති බවටයි වාර්තාවෙන්නේ.

දෙපිරිස අතර වාදය උත්සන්න වෙද්දි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත්කර ඇති බවද වාර්තාවේ. මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වාකොටසේ ඉදිකිරිම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව පිළිබඳව අගමැතිවරයාද පැමිණි පසුව සාකච්ඡා කර විසඳුමකට එන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News