Citizen.lk
 
 

කෝලි 0යි, ඉන්දියාව කඩුලු 8කින් පරාදයි, අතරමඟදී ඕස්ට්‍රේලියානු බස් රථයේ වීදුරු කුඩු කරයි - වීඩියෝ

කෝලි 0යි, ඉන්දියාව කඩුලු 8කින් පරාදයි, අතරමඟදී ඕස්ට්‍රේලියානු බස් රථයේ වීදුරු කුඩු කරයි - වීඩියෝ | Australia cricket team bus attacked with rock while returning after win vs India
Wed 11 October 2017 12:09 pm
25,144 views

සංචාරක ඕස්ට්‍රේලියා පිල සමඟින් පැවති 2වන විස්සයි විස්ස තරඟය කඩුලු 8කින් පරාජය වීමට ඉන්දියාවට ඊයේ සිදුවුණා. මෙහිදී නායක විරාත් කෝලිට ලකුණු 0කට දැවී යාමේ ඉන්දීය ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු නොවූ සිදුවීමක් වුණා.

තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකම ඔවුන් සිටි හෝටල් වෙත පිටත්ව ගිය අතර කෝපයට පත්වුණු ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිසක් විසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ගමන්ගත් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එයින් බස් රථයේ ජනේලයක් බිඳී ගොස් තිබුණු අතර සිද්ධිය පිළිබඳව ඕස්ට්‍රේලියානු පිලේ ආරම්භක පිතිකරු ඇරන් ෆින්ච් විසින් ඔහුගේ ට්විටර් ගිණුමට ඡායාරූපයක් සමඟින් සඳහනක්ද එක්කර තිබුණා.

මේ ඊයේ තරඟයේ විශේෂ අවස්ථා හා ගල්ප්‍රහාරය එල්වූ බස් රථයේ ඡායාරූපයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x