Citizen.lk
 
 

ජානිපෙ නායක විමල් වීරවංශ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙනගෙන් ඉල්ලීමක් කරයි

ජානිපෙ නායක විමල් වීරවංශ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙනගෙන් ඉල්ලීමක් කරයි | maithreenew
Thu 12 October 2017 9:59 am
2,848 views

 

ජාතික නිදහස් පෙරමුණ හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ‍ඊයේ පැවැත් වුණා.

ඊට සහභාගී වු එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් තමන් ඉල්ලීමක් කළ බවයි.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන පක්‍ෂ සමග නව කථිකාවතක් අරඹන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු කියා සිටියා.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වුණා.

එම අවස්ථාවේ දී  ජනාධිපතිවරයා වෙත ජාතික නිදහස් පෙරමුණ  ලිපියක්ද භාරදුන්නා

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News