Citizen.lk
 
 

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය පැවැත් වෙන්නේ මෙහෙමයි

පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණය පැවැත් වෙන්නේ මෙහෙමයි | palath
Thu 12 October 2017 10:48 am
2,598 views

 

පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී හා මාර්තු මාසයේදී පළාත් සභා මැතිවරණයත් පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසනවා.

මෙම මැතිවරණ දෙක නව මැතිවරණ ක්‍රමය යටතේ පවත්වන බවත්, එහිදී නාමයෝජනා බාරදෙනවිට ලැයිස්තුවෙන් 10%ක් කාන්තා නියෝජයනය සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳ තානාපති කාර්යාල නියෝජිතයන් හා දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍යනොවන සංවිධාන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ඊයේ (11දා) පැවැති වැඩමුළුවකට එක්වෙමින්.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබාදීමේදී 50%ක් කාන්තාවන්ගේ නම් ඇතුළත් කළයුතු බවයි.

පොදුවේ පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් දක්වා ඉහළ දැමීම යටතේ මෙම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News