Citizen.lk
 
 

ලකුණු 10,000 ක් ඔහු ලබා ගනීවී - කාලයක් ඔහුගේ හැකියාව ගැන ඔහුටම සැක හිතුණා - ජය ගෙනා නායකයාට සංගාගෙන් ඉහළ පැසසුම්

ලකුණු 10,000 ක් ඔහු ලබා ගනීවී - කාලයක් ඔහුගේ හැකියාව ගැන ඔහුටම සැක හිතුණා - ජය ගෙනා නායකයාට සංගාගෙන් ඉහළ පැසසුම් | Sanga speaks about chandimal
Thu 12 October 2017 12:47 pm
8,611 views

පසුගියදා පැවති ටෙස්ට් තරඟාවලිය චන්දිමාල්ගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ඔහුට බොහෝ දෙනෙකුගේ ප්‍රසංශා හිමිවුණා. මේ අතර ශ්‍රී ලංකා පිලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද ඔහු පිළිබඳව පවසා තිබුණේ මෙවන් දෙයක්....

‘‘එය විශිෂ්ඨ ජයග්‍රහණයක්.කණ්ඩායම හුඟක් මහන්සී වී ලබාගත් ප්‍රතිපලයක් මේක.චන්දිමාල්ගේ නායකත්වය වගේම හේරත්, දිල්රුවන් විශිෂ්ඨයි. චන්දි පළමු තරගයේදී පීඩනය හසුරුවා ගත් ආකාරය පැසසිය යුතුයි..

සමහරු කියනවා ඔහුගේ ඉනිම මන්දගාමි එකක් කියලා.ඒත් මේයට තමයි ටෙස්ට් ක්‍රිකට් කියන්නේ .මෙහෙම තමයි මේ ක්‍රීඩාව කරන්නේ.ඔහු කණ්ඩායම හොඳ තැනකට රැගෙන ගියා..ඔහුගේ නායකත්වය විශිෂ්ඨයි.පන්දු රකින්නන් යොදවා ගත් අකාරය වගේම ඕනම වේලාවේ වගකීම අරගෙන ඔහු සෙල්ලම් කළ ආකාරය බලන් ඉන්න අපූරුයි.

දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා මං චන්දි එක්ක කතා කරලා තියනවා.චන්දි හොඳ පිතිකරුවෙක්.ඒත් කණ්ඩායමෙන් නිශ්චිත ස්ථානයක් නැති වීම හින්දා ඔහුගේ ආත්ම විශ්වාසය කඩා වැටුණා.ඔහු ඔහුගේම හැකියාව ගැන සැක කරන්න පටන් ගත්තා.ඔහු එංගලන්තය දකුණු අප්‍රිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල සෙල්ලම් කරනවා මං දැකලා තියනවා.ඔහු විශිෂ්ඨයි.

ඔහු හොඳ එක්දින ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් මෙන්ම එක්දින, විස්සයි 20 තරඟත් ක්‍රීඩා කළ යුතුයි. අංක තුන හෝ හතර ස්ථානයේ ඔහු ක්‍රීඩා කළ යුතුයි. ඔහු අපි දිගුකාලීනව බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයෙක්. චන්දි ටෙස්ට් ලකුණු 10000 සීමාව පසු කරාවි යැයි මා සිතනවා..‘‘

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x