Citizen.lk
 
 

රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂයක් සමග කතක් අත්අඩංගුවට - Photos

රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂයක් සමග කතක් අත්අඩංගුවට - Photos | dollersnew
Fri 13 October 2017 12:03 pm
2,923 views

 

රුපියල් එක් කෝටි පනස් පන් ලක්ෂයක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (13) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළා.

ඇය කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " ග්‍රීන් චැනල් " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට තැත් කරත්දී , ඇය රැගෙන විත් තිබූ අත් බෑගයේ පැති සාක්කුවක සගවා ගෙන තිබූ මෙම මුදල රේගුව විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Namal Rajapaksa Arrested Over Hambantota Protest | නාමල් රාජපක්ෂ අත්අඩංගුවට
Add

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x