Citizen.lk
 
 

මොහොමඩ් ඉසඩ් සමීර් නැමැති පුංචි දරුවා මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේදී චන්දකිත්ති හිමි නමින් පැවිදි වූ හැටි - Photos

මොහොමඩ් ඉසඩ් සමීර් නැමැති පුංචි දරුවා මොරාගම්මන ශ්‍රි මයුරපාද රජමහ විහාරස්ථානයේදී  චන්දකිත්ති හිමි නමින් පැවිදි වූ හැටි - Photos  | mohomad isad sameer Ordination
Mon 13 November 2017 4:10 pm
1,592 views

කොළඹ මාලිගාවත්ත ප‍්‍රදේශයේ සිට පාසල් යෑමට අරණායක විහාරස්ථානයකට පැමිණි අවුරුදු 10 ක් වයසැති අසරණ ගිහි ඉස්ලාම් දරුවෙක් පිරිවෙන් අධ්‍යාපනයට යොමු වීමෙන් පසුව ගිහි ජීවිතය අත හැර සසුන් ගතවීමේ පුවතක් අපට පසුගිය දිනක අරණායකින් අසන්නට ලැබිණ.

මෙම මුස්ලිම් දරුවා දැනට පැවිදි බව ලබා වැඩ සිටින්නේ පසුගිය වසරේ නාය යෑමට ලක් වූ අරණායක සාමසර කන්ද පේන තෙක්මානයේ ඇති මොරාගම්මන ශ‍්‍රිී මයුරපාද රජමහා විහාරයේය. උපතින් ඉස්ලාම් ජාතිකයකු වන මේ දරුවා සසුන්ගත වී මහණවීමට ප‍්‍රථම ඔහුගේ ඡුන්ම පත‍්‍රය අනුව නම සඳහන් වන්නේ මොහොමඞ් ඉසඞ්. සමීර් සුවෙර් යනුවෙනි. පියා සහ මවගේ නම් එහි සඳහන්වන අන්දමට මව චිත‍්‍රා ශී‍්‍රිමති චලිවර් වන අතර වයස අවුරුදු 36 කි. පියා මොහොමඞ් ඉසඞ් සුවෙර් ඔහු වයස අවුරුදු 33 ක ඉස්ලාම් ජාතිකයෙකි.

මොරාගම්මන විහාරස්ථානයේ පසුගිය දිනක පැවිදි දිවියට පිවිසි මේ ඉස්ලාම් දරුවා දැන් හඳුන්වන්නේ මාලිගාවත්ත චන්දකිත්ති යන නාමයෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මොරාගම්මන ශ‍්‍රිී මයුරපාද රජමහ විහාරයේ විහාරාධිපති පුවක්මොටේ ධම්ම රතන නාහිමියෝ:

අද මේ පැවිදිවෙලා ඉන්න හිමියන් ගිහි කාලයේදීි ළමයෙක් විදිහට ලැබුණේ මාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන ජඹුරේවල චන්ද්‍රරතන හිමියන් වහන්සේගෙන්. උන්වහන්සේ තමයි මට කිීවේ මේ වාගේ අසරණ දරුවෙක් ඉන්නවා අපේ හාමුදුරුවන්ට පුළුවන්ද මම ගෙනත් දුන්නොත් අධ්‍යාපනය ලබා දෙන්නට කියලා. ඒ අනුව මාගේ කැමැත්ත ලැබුණාට පස්සේ පොල්ගහවෙලට කොළඹ ඉඳන් මේ ගිහි දරුවා උන් වහන්සේ විසින් එක්කරගෙන විත් මට භාරකළා. ඊට පස්සේ දරුවා පිරිවෙන් අධ්‍යාපනයට යොමු කළේ අරණායක පොල්අඹේගොඩ පිරිවෙන් විහාරස්ථානයට ගිහි කාලයේදීිම තමයි යැව්වේ මට මතක හැටියට ඒ 2017 ජුනි මාසයේ.

දරුවා පිරිවෙන් ගිහින් ආපු මුල් දවස්වල පටන්ම බොහෝ දිනයන්හිදි මා සමග සහ අපේ පන්සලේ පිරිවෙන් යන අනිකුත් හිමිවරුන්ට කියලා තිබුණේ ගිහිකම අත්හැර මහණ වෙන්න කැමැති කියලා. ඉස්ලාම් දරුවකු වන නිසාත් මේ සඳහා දෙමාපියන්ගේ අවසරයක් ලැබෙන්නේ නැති නිසාත් මහණ වීමට අවශ්‍ය නැති බව අපි මෙ පුතණුවන්ට කුඩා කාලයේ කීිවත් මේ පුතා නිතරම කිවේ මහණ වීමට කැමැති බවයි. ‘‘මට ලොකු හාමුදුරුවෝ වාගේ සිවුරු පොරවාගෙන මහණ වෙන්න ඔනෑ. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ දැක්කාමත් මට මහණ වෙනන් හිතෙනවා. ඒ නිසා මාව පැවිදි කරවන්න. මට පිරිත් කියන්න  ඕනෑ’’

කියමින් නිරන්තරයෙන්ම මේ දරුවා පිරිවෙන් ගොස් තමන් වහන්සේට පැවසූ බව ද විහාරාධිපති හිමියෝ අප සමග පැවසූහ.

අභිනවයෙන් පැවිදි වූ මාලිගාවත්තේ චන්දකිත්ති හිමි අදහස් දක්වමින්
ඔව්. අපේ ගෙවල් ගාව සිංහල අය තමයි වැඩිපුරම හිටියේ. මම මහණ වෙන්න ගොඩාක් කැමැතියි සිවුරු දාගෙන ඉන්න හාමුදුරුවරු දැක්කාට පස්සේ මටත් මහණ වෙන්න හිතුනා. මම පිරිත් කියන්න බණ කියන්න වාගේම පිරිවෙනේ උගන්වන්නත් කැමැතියි. මම පුංචි දවස්වල ඉඳන් හාමුදුරුවරුන්ට කැමැතියි මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවරුන් වාගේම පිරිවෙනේ හාමුදුරුවරුත් මට ගොඩාක් කැමැතියි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x