Citizen.lk
 
 

ශ්‍රී ලංකන් ගුවන් යානයක් උඩු ගුවනේදී කාර්මික දෝෂයකට ලක්වෙයි - පැය 2කින් යානය යළිත් කොළඹට

ශ්‍රී ලංකන් ගුවන් යානයක් උඩු ගුවනේදී කාර්මික දෝෂයකට ලක්වෙයි - පැය 2කින් යානය යළිත් කොළඹට | Sri Lankan Air Line Back to Katunayake Technical Issue
Tue 14 November 2017 8:28 am
9,317 views

පැය 02 විනාඩි 08 ක කාළයක් ගුවන් ගත වී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මෙය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 141 දරන ගුවන් යානයයි. මෙම යානය අද (14) දින රාත්‍රී 11.47 ට බොම්බාය ( මුම්බායි) බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .

පසුව මෙම යානය ගුවනේදී කාර්මික දෝෂයකට ලක් වූ අතර , ඒ බැව් යානයේ නියමුවා කටුනායකට දැන්වීමෙන් අනතුරුව , ලබා දුන් උපදෙස් මත , යළිත් මෙම යානය ආපසු හරවා ගෙන  දින අලුයම 1.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වනු ලැබීය .

මෙම යානය ප්‍රංශයේ නිෂ්පාදිත ඒ - 320 වර්ගයේ ගුවන් යානයක් වන අතර , එහි මගීන් 138 ක් සහ කාර්යය මණ්ඩලය 07 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය .

එමෙන්ම මෙම යානය බොම්බාය ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වනු ලැබුවේ නම් , එහි අලුත්වැඩියා කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළට සාපේක්ෂව වැඩි වියදමක් දැරීමට සිදුවිය හැකි නිසා , මෙම යානය යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමට පියවර ගත් බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .

මෙම යානයේ වූ මගීන් පිරිස වෙනත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යොදවා යළිත් අද අලුයම 3.34 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ බොම්බාය බලා පිටත්ව ගියහ .

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x