Citizen.lk
 
 

කිලිනොච්චියේ මහවිරු සමරන්න ලහිලහියේ සුදානම් වෙයි - ආරක්ෂක අංශ නිහඬයි - Photos

කිලිනොච්චියේ මහවිරු සමරන්න ලහිලහියේ සුදානම් වෙයි - ආරක්ෂක අංශ නිහඬයි - Photos | kilinochchi LTTE
Tue 14 November 2017 8:36 am
4,230 views

 

කිලිනොච්චිය දිස්ත්රික්කයෙන් මියගිය එල්.ටී.ටී.ඊ.සාමජිකයින් සමරා ලබන 27 වෙනිදා මහවිරු දිනය මහා පරිමාණයෙන් සැමරීමට එල්.ටී.ටී.ඊ.සුසාන භූමි පිහිටි ප්රදේශ එළි පෙහෙළි කිරීම මේ දිනවල ආරම්භ තිබෙනවා.

මේ අන්දමටම උතුරේ සෙසු දිස්ත්‍රික්කවලද මහවිරු දිනය සැමරීමට අවශ්‍ය මූලික සාකච්ඡා හා වැඩ පිළිවෙලවල් මේ වනවිට සකස් කොට ඇති බවටයි වාර්තා වෙන්නේ.

වෙනත් වසර වලදී මෙම මහවිරු උළෙල සැමරීම සඳහා පුද්ගලයින් සූදානම් වනවිට ආරක්ෂක අංශ ඊට බාධා කරමින් ඔවුන්ව පලවා හරිණු ලැබුවත් මෙවර එවැන්නක් දක්නට නොමැත.

මේ පිළිබදව තොරතුරු විමසූ විට උතුරේ ආරක්ෂක බලධාරියෙකු කියා සිටියේ එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාව තුල තහනම් සංවිධානයක් බැවින් එම සංවිධානයෙන් මියගිය පිරිස ප්‍රසිද්ධියේ සැමරීමට කිසිසේත්ම ඉඩක් ලබා නොදෙන බවයි.

එල්.ටී.ටී.ඊ නිල ඇදුම් සහිත ඡායාරූපවලට පහන් දැල්වීම,මල්මාලා පැළදවීම වැනි ක්‍රියාවන් කිසිදු ප්‍රසිද්ධ ස්ථානයක කිරීමට ඉඩ ලබා නොදෙන බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.
තත්ත්වය එසේ නමුත් එම දිනයේදී මියගිය උතුරේ සාමාන්‍ය වැසියන් සැමරීම තහනම් කිරීමට ඉඩකඩක් නොමැති බවද ඔහු කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x