Citizen.lk
 

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී තරුණියක මිය ගිය හේතුව සම්බන්ධ කරුණු අනාවරණය වේ

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී තරුණියක මිය ගිය හේතුව සම්බන්ධ කරුණු අනාවරණය වේ | mirigama salon girl case
Tue 14 November 2017 11:14 am
18,717 views



මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ දී තරුණියක මිය යාම විදුලි කාන්ඳුවකින් සිදුවේද යන්න සැක පළකරන බව පොලීසිය පවසනවා.

මීරිගම නගරයේ රූපලාවන්‍යාගාරයක් තුළ සේවය කළ 21 හැවිරිදි තරුණියක මෙලෙස ඊයේ(13) දහවල් මිය ගොස් සිටිය දී පොලීසිය සොයා ගත්තා.

තරුණිය මියගිය ස්ථානය අසල කොණ්ඩය වියලන විද්‍යුත් උපකරණයක් හා විදුලි පේනුවක් ද හමුවී තිබෙනවා.

එම ස්ථානය අවට ජලය ද විසිරී තිබූ අතර පොලිසිය සැක පළ කරන්නේ තරුණිය විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති බවටයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ දිනේෂා චතුරංගනී නැමති මීරිගම - කිතලවලාන ප්‍රදේශයේ පදිංචි තරුණියක බව සඳහන්ය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(14) දින සිදු කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News