Citizen.lk
 
 

යෞවනියන්ගේ සිහින කුමරා ආදිත්‍ය නාරායන් ශ්‍රී ලංකාවේදී සහභාගී වන ජාත්‍යන්තරමය සජීවී ප්‍රසංගය නොවැම්බර් 24 කොළඹදී - Photos

යෞවනියන්ගේ සිහින කුමරා ආදිත්‍ය නාරායන් ශ්‍රී ලංකාවේදී සහභාගී වන ජාත්‍යන්තරමය සජීවී ප්‍රසංගය නොවැම්බර් 24 කොළඹදී - Photos | Aditya Narayan Live In Sri Lanka
Tue 14 November 2017 4:58 pm
334 views

බොලිවුඩ් සංගීතයේ සොඳුරුතම අවධිය වූ 1980 - 90 දශකයේදී රසික සිත් මියුරු ස්වරයෙන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීන ගායක උදිත් නාරායන්ගේ පුතනුවන් මෙන්ම යෞවනියන්ගේ සිහින කුමරා වූ ආදිත්‍ය නාරායන් ශ්‍රී ලංකාවේදී සහභාගී වන ජාත්‍යන්තරමය සජීවී ප්‍රසංගය එළඹෙන නොවැම්බර් 24 වනදා සවස 6ට කොළඹ Colts ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.

ශ්‍රී ලාංකීය රසික සිත් වසඟ කළ මියුරු ගීතයන් රැසක් උදිත් නාරායන්ගේ මුවින් ගැයුණු අතර ඔහුගේ ආභාෂයට අනුව යමින් පුත් ආදිත්‍ය නාරායන්ද මේ වන විට බොලිවුඩයේ නමක් දිනාගත් යොවුන් ගායකයින් අතර ඉහළින්ම වැජඹෙන තරුවක් බවට පත්වී අවසන්.

එවන් වූ හැකියාවකින් පිරිපුන් මේ සොඳුරු යොවුන් ගායකයාගේ මියුරු ගායනයන් සජීවීව දෑස්මානයේ සිට විඳගන්නට මේ වන විට ඔබටත් අවස්ථාව උදාවී තිබෙනවා. කොළඹ Colts ක්‍රීඩාංගණයේදී සවස 6ට ආරම්භ වන මෙම ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත් මිලදී ගැනීමේදී ඔබට රුපියල් 1000, 3000, සහ 5000 වශයෙන් කාණ්ඩ 3ක් යටතේ ඒවා මිලදී ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම මෙහි විශේෂත්වය වන්නේ රුපියල් 1000 ටිකට් පතක් මිලදී ගන්නා සෑම අයෙකුටම තවත් එක් 1000 ටිකට් පතක් නොමිලේ හිමි වීම වන අතර තවද රුපියල් 5000 ටිකට් පත් 2ක් මිලදී ගන්නා අයෙකුට තවත් එක් 5000 ටිකට් පතක් නොමිලේ හිමිවන බව සංවිධායකින් දන්වා සිටිනවා.

මෙම සුවිශේෂි අවස්ථාව ඔවුන් ඔබට උදාකර දී තිබෙන්නේ වැඩි ප්‍රමාණයට ආදිත්‍ය නාරායන් ප්‍රසංගය සජීවීව අත්දැකීමේ අවස්ථාව උදාකරලීමටයි. එමෙන්ම ඔබට www.mytickets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අන්තර්ජාලය ඔස්සේ ටිකට් පත් මිලදීගැනීමේ හැකියාවද පවතිනවා.

මීට අමතරව ශ්‍රී ලාංකීය සංගීත කළාවේ ඉහළින්ම වැජඹෙන තරු රැසක් එදින රාත්‍රියේදී ආදිත්‍ය නාරායන් සමඟින් එකම වේදිකාවකදී  එක්ව ගීත ගායනා කිරීමටද මේ වන විටත් කටයුතු සියල්ල සූදානම් කර අවසන්.

මෙහිදී භාතිය සහ සන්තුෂ්, සංඛ දිනෙත්, සනුක වික්‍රමසිංහ, දුෂ්යන්ත් වීරමන්, උමාරියා ඇතුළු යොවුන් පරපුරේ සිත් වසඟ කල ගායක ගායිකාවන් රැසක් එක්වීමට නියමිතයි. මෙම ප්‍රසංගය සංවිධාන කරනු ලබන්නේ Sound Vision Entertainment සහ Imtiaz Entertainment විසින් අතර එහි විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ MBC මාධ්‍ය ජාලයයි. ප්‍රංසගය සඳහා අන්තර්ජාල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Citizen.lk අප විසිනුයි.

මේ අතර ප්‍රසංගය සඳහා වන සහභාගී වීම පිළිබඳව හා එහි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට පසුගියදා ආදිත්‍ය නාාරයන් දිවයිනට පැමිණි අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේදී මාධ්‍ය හමුවක්ද පැවත්වුණා.

මේ එහි ඡායාරූප එකතුවයි....

Latest News

You may also like

Latest Videos

Hot Video

Minister Arjuna Ranathunga Speaks About Oil Issue | තෙල් අර්බුදයේ ඇතුලත කතාව - අර්ජුනගෙන් හෙළිදරව්වක්
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x