Citizen.lk
 
 

IFS සමාගම ශ්‍රී ලංකාව තුළ විසි වසරක් සපුරයි

IFS සමාගම ශ්‍රී ලංකාව තුළ විසි වසරක් සපුරයි | IFS Sri Lanka 20th Anniversary
Tue 14 November 2017 3:39 pm
326 views

ජාත්‍යන්තර ව්‍යාපාරික යෙදවුම් සමාගමක් වන IFS සමාගම ශ‍්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ කර වසර 20 ක කාලයක් සම්පූර්ණ වී ඇති බව එම සමාගම පසුගියදා නිවේදනය කළේය. IFS සමාගමේ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික මෙහෙයුම් 1997 වසරේදී ආරම්භ වූ අතර මේ වනවිට එහි කොළඹ සහ මහනුවර පිහිටි ශාඛාවල 1,000 කට ආසන්න පිරිසක් සේවය කරති.

පසුගිය නොවැම්බර් 10 වනදා පැවති මාධ්‍ය හමුවකදී IFS සමාගම මෙම සන්ධිස්ථානය නිල වශයෙන් නිවේදනය කළේය. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ IFS සමාගමේ නියෝජිතයෝ එම සමාගමේ විශේෂත්වය සහ මෙතරම් සාර්ථක ගමනක් පැමිණීමට එයට හැකිවූ ආකාරය පැහැදිලි කළහ.
මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ සමාගම් 120 ක් පමණ IFS සමාගමේ යෙදවුම් භාවිතා කරයි. භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීම, වත්කම් පවත්වාගැනීම සහ සේවා කටයුතු කළමනාකරණය කිරීම වැනි කටයුතු සඳහා මෙම යෙදවුම් යොදාගැනේ. IFS සතු දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ට පාරිභෝගික සේවාව වැනි සාධක නිසා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සේවා සම්පාදකයෙකු බවට පත්වීමට එම සමාගමට හැකියාව ලැබී ඇත.

ශ‍්‍රී ලංකාවේ IFS කණ්ඩායම එම සමාගමේ ජාත්‍යන්තර සාර්ථකත්වයට ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටී. සමාගමේ 2017 වසරේ 3 වන කාර්තුවේ මූල්‍ය ප‍්‍රතිඵල වලට අනුව එහි වාර්ෂික බලපත‍්‍ර වර්ධනය 18% කි. සමාගමේ ජාත්‍යන්තර කටයුතු වලට බෙහෙවින් වැදගත් වන IFS Academy (පුහුණුව හා සහතිකකරණය*, IFS Labs (නව්‍යකරණය), ගෝලීය සහය සේවා මධ්‍යස්ථානය සහ නිෂ්පාදන සංවර්ධනය සම්බන්ධ අනෙකුත් ප‍්‍රධාන අංග රාශියක් ශ‍්‍රී ලංකාවේ සිට ක‍්‍රියාත්මක වේ.

‘‘අඛණ්ඩ හා ස්ථාවර වර්ධනයක් පවත්වා ගැනීම නිසා අපට ජාත්‍යන්තර තලයේදී මෙසේ සාර්ථක වීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සාර්ථකත්වය ළඟා වී තිබෙන්නේ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම දක්ෂතා සහිත පුද්ගලයන් ආකර්ෂණය කරගෙන, ඔවුන් සමාගම තුළ රඳවා ගැනීමට අපට හැකිවී තිබෙන නිසයි. මෙම ක්ෂේත‍්‍රයේ විශිෂ්ටතම කණ්ඩායමක් ගොඩනැංවීමේ වැදගත්කම ශ‍්‍රී ලංකාව තුළදී අප මනාව ඔප්පු කර තිබෙනවා. මේ වනවිට IFS සමාගමේ වැඩිම සේවක පිරිසක් ශ‍්‍රී ලංකාව තුළ සේවය කරන අතර සමාගමේ ජාත්‍යන්තර සාර්ථකත්වයට ඔවුන්ගෙන් ලැබී ඇත්තේ සුවිශේෂී දායකත්වයක්. ශ‍්‍රී ලංකාව පදනම් කරගෙන මෙහෙයුම් කටයුතු කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තරය වෙත ව්‍යාප්ත වීම යනු අප ගත් තීරණ අතරින් හොඳම තීරණයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” IFS සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඇලිස්ටෙයාර් සෝර්බී මහතා පැවසී ය.

මෙහිදී අදහස් දැක්වූ IFSSri Lanka සමාගමේ සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී ජයන්ත ද සිල්වා මහතා, පසුගිය දශක දෙකක කාලය තුළ ශ‍්‍රී ලංකාව තුළ IFS සමාගමේ කටයුතු ක‍්‍රියාත්මක වූ ආකාරය පැහැදිලි කළේ ය.

‘‘මේ වනවිට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් පසුකරමින් ජාත්‍යන්තර මට්ටමින් සේවා සලසන පරිපූර්ණ සම්පත් මධ්‍යස්ථානයක් බවට පත්වීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඇත්ත වශයෙන්ම IFS යනු ක්ෂේත‍්‍රයේ අනෙකුත් සමාගම්වලට වඩා අංශ කිහිපයකින්ම වෙනස් සමාගමක්. අපගේ දැනුම හා අත්දැකීම් සම්භාරය ඔස්සේ නව අංශ රැසක් වෙත ව්‍යාප්ත වීමට අපට හැකියාව ලැබුණා. IFS සමාගමේ දකුණු ආසියාවේ විකුණුම් හා උපදේශන කණ්ඩායම කොළඹ සිට දකුණු ආසියානු කලාපය තුළ යෙදවුම් අලෙවි කිරීම, ක‍්‍රියාත්මක කරවීම හා සහය සේවා සැපයීම සිදුකරනවා.

මේ වනවිට ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය. පාකිස්ථානය, තායිලන්තය, සීෂෙල්ස් සහ උගන්ඩාව යන රටවල IFS සමාගමේ යෙදවුම් භාවිතා කරන සමාගම් හා ආයතන සංඛ්‍යාව 120 කට අධිකයි. ඔවුන්ට විශිෂ්ට සේවාවක් සලසමින් ඔවුන් සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යාමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා.

‘‘ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා බාහිර සේවාවන් සැපයීමේ ක්ෂේත‍්‍රය දියුණු කිරීම සඳහා IFS සමාගම ප‍්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටුකළා. ක්ෂේත‍්‍රයට නව නිර්මාණ රාශියක් හඳුන්වා දීමට අප සමත් වී තිබෙනවා. එමෙන්ම උසස් පෙළ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දීමටත් අප පියවර ගත්තා. දැනටමත් මෙම ක‍්‍රමය යටතේ ශිෂ්‍යත්ව 300 කට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇති බවත්, මේ වනවිට මෙම ශිෂ්‍යත්ව ක‍්‍රමය මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සම්මත ක‍්‍රමවේදයක් බවට පත් වී ඇති බවත් අප කියන්නේ සතුටින්.

‘‘ඉදිරියේදී තව තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය වෙත පිවිසීමට අවස්ථාව ලබාදීම සඳහා ප‍්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල සමග අත්වැල් බැඳගෙන අපගේ ශිෂ්‍යත්ව වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම අපගේ ඉලක්කයයි. එය ශ‍්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය මීටත් වඩා දියුණු වීමට බෙහෙවින් උපකාරී වන පියවරක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.” ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News