Citizen.lk
 
 

මත්තල ගුවන් තොටුපළේදී කණ තුවාල වන අයුරින් මාධ්‍යවේදියාට පහර දුන් ASP දළුවත්තගෙන් මිලියන 5ක වන්දි ඉල්ලයි

මත්තල  ගුවන් තොටුපළේදී කණ තුවාල වන අයුරින් මාධ්‍යවේදියාට පහර දුන් ASP දළුවත්තගෙන් මිලියන 5ක වන්දි ඉල්ලයි  | Police Attack to Journalist - Hambantota Protest
Sun 19 November 2017 12:05 pm
1,776 views

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ විකිණීමට එරෙහිව සංවිධානය කොට තිබු විරෝධතාවයක් ආවරණය කිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදියෙකුට කිසිඳ හේතුවක් නොමැතිව සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා කණ තුවාල වන ආකාරයෙන් පහර දීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කරන ලදැයි සඳහන් කරමින් නිදහස් මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන ලදී.

කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ගේ කණ තුවාල වන ආකාරයෙන් පරහර දීමෙන් හා තමන් අත්අඩංගුවට ගැනීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් තමන්ට රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂඨාධිකරණය තීරණය කළේය.

නිදහස් මාධ්‍යවේදීයෙකු වන මහනුවර අසිගිරියේ පදිංචි සුසන්ත බණ්ඩාර කරුණාරත්න මහතා විසන් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මහතා, පොලිස්පතිවරයා සහ නීතීපතිවරයා ඇතළු 09 දෙනෙකු නම් කොට ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News