Citizen.lk
 
 

දළ පූට්ටුවාගේ දලෙන් සෑදූ පෙන්ඩන් 2ක් හමුවෙයි - ගිනි බිඳි නොමිනිසුන් අතර හද වුණු උතුම් මිනිසුන් සද්ධන්තයාට අවසන් බුහුමන් දැක්වූයේ මෙහෙමයි - Photos

දළ පූට්ටුවාගේ දලෙන් සෑදූ පෙන්ඩන් 2ක් හමුවෙයි - ගිනි බිඳි නොමිනිසුන් අතර හද වුණු උතුම් මිනිසුන් සද්ධන්තයාට අවසන් බුහුමන් දැක්වූයේ මෙහෙමයි - Photos | 7 Arrest Over dala Puttuwa Kill
Mon 04 December 2017 9:24 am
5,276 views

වෙඩි තබා ඝාතනය කළ ගල්ගමුවේ "දළ පූට්‌ටුවා" හස්‌තියාගේ ඇත් දළවලින් නිමැවූ ග්‍රෑම් 09 කට අධික බරකින් යුත් රන් කොපු සහිත පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමග හස්‌තියා ඝාතනයට සම්බන්ධ බවට සැකපිට තවත් ග්‍රාම නිලධාරීන් දෙදෙනකු පෙරේදා (2 දා) පස්‌වරුවේ නිකවැරටිය කොට්‌ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැනට අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් ලබාදුන් තොරතුරකට අනුව මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා පොල්පිතිගම පිහිටි ඔවුන්ගේ නිවෙස්‌වලදී කොටුකරගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මකුල්පොත ග්‍රාම නිලධාරි වශයෙන් කටයුතු කළ රාජාංගණ පනික්‌කියලාගෙදර චමින්ද ආරියරත්න (42) සහ දොරවේරුව ග්‍රාම නිලධාරි වශයෙන් කටයුතු කළ හුංදාවෙඩිකාරයලාගේ ඉන්දික සේනාධීර (32) යන දෙදෙනායි.

මෙම ග්‍රාම නිලධාරීන් දෙදෙනා ඇත්දළවලින් සකස්‌ කළ පෙන්ඩන්ට්‌ 3 ක්‌ සමඟ අත්අඩංගුවට ගත් බව ද ඒවායේ බර ග්‍රෑම් නවයකට අධික බවද දැනගන්නට ලැබෙනවා.

මෙම පුද්ගලයන් රන් කොපු යොදා ඇත්දළ වලින් පෙන්ඩන්ට්‌ සකස්‌ කර තිබෙන අතර ඔවුන් සතුව තිබී හමුවූ පෙන්ඩන්ට්‌ ඝාතනය කරන ලද "දළ පූට්‌ටුවා" හස්‌තියාගේ දළවලින් නිර්මාණය කළ ඒවා බවට අනාවරණය වී තිබෙනවා.

ගල්ගමුවේ "දළ පූට්‌ටුවා" හස්‌තියා හට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 7 කි.

මේ අතර ගල්ගමුව ලංකාගම විහාරස්‌ථානයේ නායක හිමියන් විසින් "ඝාතනය වූ" දළ පූට්‌ටුවා" වෙනුවෙන් පාංශු කූලය පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාවට ගල්ගමුව ප්‍රදේශවාසීන්ද සහභාගී වී සිටියේ කලක් පුරාවට තමන් දෑස් මානයේ සිටි සද්ධන්තයාට අවසන් ගෞරව දැක්වීමේ අරමුණින්.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News