Citizen.lk
 

ජනප්‍රිය බොලිවුඩ් නළු ශෂී කපූර් දිවි රඟ මඬලින් සමුගයි - Photos

ජනප්‍රිය බොලිවුඩ් නළු ශෂී කපූර් දිවි රඟ මඬලින් සමුගයි - Photos   | Bollywood star Shashi Kapoor dies aged 79
Tue 05 December 2017 9:28 am
2,119 views

ජනප්‍රිය බොලිවුඩ් නළුවෙක් සහ නිෂ්පාදකවරයෙක් වූ ශෂී කපූර් දිවි සැරියෙන් සමුගත්තේය. දශක ගණනාවක් හින්දි තිරයේ නම රැන්දූ කපූර් පරපුරේ සාමාජිකයෙකු වූ ශෂී කපූර් මිය යන විට 79 වෙනි විය පසුකරමින් සිටියේය.

රිදී තිරයේ පෑ දස්කම් වෙනුවෙන් ජාතික සම්මාන කිහිපයකින්ම පුද ලැබූ ඔහු 2011 දී පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලැබීය. බ්‍රිතාන්‍ය නිළියක වූ ජෙනිෆර් කෙන්ඩල් ගේ ස්වාමි පුරුෂයා වූ ශෂී කපූර් ඇය සමග එක්ව 1978 දී මුම්බායේ ප්‍රිවිති රඟහල නිර්මාණය කළේය.

"දීවාර්" සහ "කබී කබී" වැනි හින්දි තිරයේ ඉතා ජනප්‍රිය සිනමා නිර්මාණවලට රංගනයෙන් දායක වූ ඔහු මීට මාස කිහිපයක පෙර රෝගී තත්වයේ සිටියේය.
ඉන් අනතුරුව රෝහල්ගත කෙරුණු ඔහු අවසන් හුස්ම හෙළුවේ මුම්බායේ Kokilaben Dhirubhai Ambani රෝහලේදීය. ඔහුගේ අවමගුල අඟහරුවාදා (දෙසැම්බර් 05) උදය වරුවේ පැවැත්වෙන බව ද රන්දීර් කපූර් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News