Citizen.lk
 
 

සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90 - 100 අතර, අද ඉඳන් මුහුද අවධානම්, කාළගුණය ගැන විශේෂ නිවේදනයක්

 සුළඟේ වේගය පැයට කිලෝමීටර් 90 - 100 අතර, අද ඉඳන් මුහුද අවධානම්, කාළගුණය ගැන විශේෂ නිවේදනයක් | weather Condition bad again
Tue 05 December 2017 9:32 am
2,014 views

පසුගිය කාලය පුරාවටම පැවතුනු අයහපත් කාළගුණ තත්වය නිසා බොහෝ දෙනා මේ දිනවල කාළගුණ අනාවැකි කෙරෙහි වැඩි උනන්දුවක් දක්වනවා. මේ දිනවල බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයේ බලපෑම නිසා උතුර, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ ඉතා රළු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ නිසා අද (05) සිට මෙම මස (08) වැනිදා දක්වා උතුර, නැගෙනහිර හා දකුණු මුහුදු ප‍්‍රදේශ වල ධීවර කටයුතු වල නිරතවීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

මෙම පීඩන අවපාතයේ බලපෑම නිසා බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90, 100 පමණ වර්ධනය විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. දැනට අඩු පීඩන කලාපයක් ලෙස පැවතුනද හෙට දිනය වන විට එය පීඩන අවපාතයක් බවටට පත්වනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.

එසේම මෙම පීඩන අවපාතය ඉදිරි දින කිහිපය තුලදී බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය හරහා උතුරු තමිල්නාඩුවේ ආන්ද්‍රා ප‍්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්‍ෂා කරන අතර මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News