Citizen.lk
 
 

ජිනීවා වලට ගෙනියන්න වාර්තාවක් හදන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් තිදෙනෙකු ලංකාවට ඇවිත්

ජිනීවා වලට ගෙනියන්න වාර්තාවක් හදන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයින් තිදෙනෙකු ලංකාවට ඇවිත් | jiniva
Tue 05 December 2017 11:40 am
3,490 views

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් සම්බන්ධ ක්‍රියාකාරී කමිටුවේ විශේෂ නියෝජිතයින් තිදෙනෙකු දිවයිනට පැමිණ ඇති බවට වාර්තා වෙනවා.

එම පිරිස ලබන 15 වන දින දක්වා මෙරට විවිධ පාර්ශවයන් හමු වීමට නියමිතව තිබෙනවා.


ඒ අනුව, බන්ධනාගාර, පොලිස් ස්ථාන, සංක්‍රමණික සහ විවිධ ශාරීරික ආබාධයන්ට ලක් වූ පුද්ගලයින් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණ කිරීමට නියමිතයි.

එම නියෝජිත පිරිස බස්නාහිර, උතුරුමැද, උතුර, නැගෙනහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල සංචාරය කර රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජ කණ්ඩායම් හමුවීමට ද බලාපොරොත්තු වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

එම කණ්ඩායම ලබන 15 වනදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තම නිරීක්ෂණ පිළිබඳව දැනුම්දීමට නියමිතව තිබෙනවා.

ඔවුන්ගේ අවසන් වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News